Burning (2018) AKA Beoning | දැවෙමි මා! 18+
ජොන්ග්-ෂු.
උපාධිධාරියෙක්. හමුදාවෙ සේවය කල කෙනෙක්. ලේඛකයෙක් වීමට බලාපොරොත්තුවන කෙනෙක්. තනිව ජීවත්වන කෙනෙක්. සුළු රැකියාවල නිරතවන්නෙක්.
හයි-මි.
සුළු රැකියාවල නිරතවන්නියක්. සංචාරයට කැමති කෙනෙක්. තනිව ජීවත්වෙන කෙනෙක්. අභිනයට ප්රියකරන වෙනස් ගති පැවතුම් ඇති කෙනෙක්. ප්ලාස්ටික් සැත්කමකින් අවලස්සන ලස්සන කරගත් කෙනෙක්.
බෙන්.
තරුණ ධනවතෙක්. සුඛෝපබෝගී නිවසකට, යාන වාහන වලට හිමිකම් කියන්නෙක්. තනිව ජීවත්වන කෙනෙක්. වෙනස් දේවල්වලින් විනෝදවෙන, වෙනස් විනෝදාංශයන් ඇති කෙනෙක්. ජොලිකරන, සෙල්ලම්කරන කෙනෙක්.
දවසක් ජොන්ග්-ෂු රැකියාව කරමින් ඉන්න අතරතුර කෙල්ලෙක් එයාට කතාකරනවා. ජොන්ග්-ෂු හදුනගන්නේ නෑ මේ කවුද කියලා. තමන් හයි-මි බවත් පොඩිකාලෙ එකම ගමේ හිටිය බවත් මතක් කලායින් පස්සෙ ජොන්ග්-ෂු හදුනගන්නවා මේ හයි-මිව. බොහෝ කලකට පස්සෙ මුනගැහුන මේ දෙන්නා ටිකෙන් ටික හිතවත් වෙනවා. දවසක් සංචාරයට කැමති මේ හයි-මි අප්රිකාව බලා පිටත්වෙනවා. නමුත් හයි-මි ආපහු එන්නෙ එහෙදි මුනගැහුනු බෙන් කියලා පුද්ගලයෙක් එක්ක. තරමක් ගුප්ත චරිතයක් වන මේ බෙන් ඉතා ධනවත් පුද්ගලයෙක්. කෙසේ හෝ බෙන් මුනගැහීමත් එක්ක හයි-මි වැඩි කාලයක් බෙන් එක්ක ගත කරනවා. ජොන්ග්-ෂු මේ දේවල් දිහා උපේක්ෂාවෙන් බලන් ඉන්නවා. නමුත් වැඩි කලක් යන්නට කලින් සිදුවෙන්නේ අභිරහස් දෙයක්…. මේක තුන්කොන් ආදර කතාවක් වගේ හිතෙයි. නමුත් මේක ඊට වැඩි යමක්. චිත්රපටියේ පලමු අර්ධයෙන් පස්සෙ ඒ තුන්කොන් කතාව අභිරහස් ගුප්ත බවකින් පිරෙයි. අවසනට ලංවෙනවත් එක්ක එය තවත් තීව්ර බවක් ගනු ඇත. අවසානයේ ඔබට දවසක්, දෙකක්, සතියක්, මාසයක් හෝ අවුරුද්දක් වුනත් සිතන්නට දෙයක් ඉතුරුකරනවා ඇත. ඔබටම කතාව මෙන්න මේකයි මෙන්න මේකයි කියා ඔබ කැමති විදියට තීරණය කරන්න වුනත් තේරීම් ලැබෙනවා ඇත. හැම සිදුවීමක්ම, හැම රූපයක්ම, හැම වචනයක්ම දිහා හොදට අවධානය දෙන්න. ඔබ නැරඹූ චිත්රපට අතරින් හොදම චිත්රපටි ගොන්නට මෙය එකතුකරන්න හැකිවේවි. තාත්වික බවේ උපරිමය මෙයයි..
ඉංග්රීසි හැර වෙනත් භාෂාවක චිත්රපටයකට උපසිරැසි කරන ප්රථම වතාව. ගියවසරේ මුළු ලෝකයේම අවදානය දිනාගත්ත කොරියානු චිත්රපටයක් තමයි මේ Burning කියන්නෙ. Drama,Mystery කාණ්ඩයන්ට අයිතිවෙන මෙම සිනමාපටය 7.6ක IMDb අගයකට වගේම විවිධ සම්මාන 35කටත් නිර්දේශයන් 103කටත් සුදුසුකම් ලබා තිබෙනවා. මිනිත්තු 148ක් පුරා දිවෙන මේ නිර්මාණය ඔබට ඉහල රසවින්දනයක් ලබාදෙනවා වගේම ඔබේ ඔළුව එක්ක ටිකක් සෙල්ලම් කරනවා නොඅනුමානයි. එහෙනම් තවත් වැඩකින් හමුවෙනකම් සමුගන්නවා! හැමෝටම ජයවේවා!!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| Bluray | x264 | 720p | 1.2GB
Direct Download
| Bluray | x264 | 720p | 1.2GB
| Bluray | x264 | 1080p | 2.4GB
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
sub eke link eka denna plz
මෙවැනි චිත්රපටයක් අප වෙත හඳුන්වා දීම සම්බන්ධයෙන් ගොඩක් ස්තුතියි !