සුබ දවසක් ඔබ සැමට.හදිස්සියේම පිටසක්වල ප්‍රහාරයක් පෘථිවියට එල්ල වුනොත් මොකද? ඔයාලා ගන්න පියවර මොකක්ද? ඒකත් මහ රෑ. අන්න ඒක තමා මේ සිනාමා සලරුවෙ ආරම්භය. මාර්ක්, චිත්‍රපටයේ ප්‍රධාන නළුවා. එයා පොලිස්කාරයෙක්. එයාගෙ බිරිඳ මියගොස්. එයා එයාගෙ පුතා හිරෙන් බේරගෙන ඇවිල්ලා වාහනේට නගිද්දි වාහනේ ස්ටාට් වෙන්නෙ නෑ. ඊටපස්සෙ දුම්රියෙන් සිය ගමන යනකොට හදිසියේම විදුලිය විසන්ධි වී දුම්රිය නතරවෙනවා. පසුව දුම්රිය සේවිකාව හදිසි ඇමතුම් ඒකකය හා සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. මේසෙ ආරම්භ වී ඉදිරියට ගලාගෙන යනවා. මේ කතාව ගෙතෙන්නෙ ඇත්තටම කිව්වොත් කුඩා දැරියක් හා පිටසක්වල ජීවීන් සම්බන්ධවයි. ඉතින් මේ පිටසක්වල ජීවින් කිසියම් එලියක් විහිදුවනවා. ඒ එළිය මගින් මිනිස්සුන්ව ඇදලා ගන්නවා. මෙසේ මේ මාර්ක්ගෙ පුතාවත් මේකට ඇදලා ගන්නවා. මාර්ක් පුතාව බේරගැනීම පිණිස එයත් එළිය දිගේ යනවා. ගියාට පස්සෙ මේ මිනිස්සුන්ගෙ මොලය ගලවලා ගන්නවා. මේ අතරතුරේ මාරක්ට ගර්භණී කාන්තාවක් මුණගැහෙනවා. එයාගෙ දරුවා තමා ප්‍රධානම චරිතය. ඉතින් මේ දරුව දවස් තුනක් වැනි කුඩා කාලයදී අවුරුදු තුනක වැනි පූර්ණ වර්ධනයකට ලක්වුන දැරියක් බවට පත්වෙනවා. මේ දරුවා මෙසේ දවස් තුනක් ඇතුලත වර්ධනය වෙන්නෙ කොහොමද? අවසානයේ මේ පිටසක්වල ජීවීන් පෘථිවියෙන් යනවද? යනවානම් කවුද ඒකට හේතුවෙන්නෙ? කියන ප්‍රශ්න නැගෙනවානම් ඒවට උත්තර ගන්නනම් මේ සලරුව නරඹන්නම වෙනවා.
ඉතින් ඕක තමා චිත්‍රපටියේ සාරාංශය. Beyond Skyline 2017 චිත්‍රපටියේ විස්තර ටිකක් කියන්නම්. මේ නිර්මාණය එලි දැක්වුනේ 2017 දෙසැම්බර් 15 දිනයි එක්සත් ජනපදයේදිය. පැයයි විනාඩි 45ක් පුරා දිවෙන මේ චිත්‍රපටයට IMDB මනාප 1457කින් 5.7ක අගයක් ලැබිලා තියනවා. Action, Adventure, Horror යන කාණ්ඩවලට අයත්වෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 20ක වියදමක් දරා නිෂ්පාදන කළ මේ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් 376, 207ක බොක්ස් ඔෆිස් ආදායම ලබලා තියනවා. Liam O’Donnellගෙ අධ්‍යක්ෂණයක් වන මේ නිර්මාණය Mothership Pictures ආයතනයේ නිෂ්පාදනයකට ලක්වෙලා Vertical Entertainment ආයතනය මගින් බෙදාහැරීම සිදුකර තිබෙනවා. Frank Grillo, Iko Uwais, Bojana Novakovic යන නළු නිලියන්ගෙ දායකත්වයද මේ සිනමා නිර්මාණයට ලැබිලා තියනවා. මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹලා චිත්‍රපටය ඔයාලට හිතට අල්ලනවානම් අරගන්න කියලා කියනවා.
අවසානයේම මම මේකට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මට මේක කරන්න කියලා දුන්න අපේ ඇඩ්මින් මඩුල්ලෙ සිසිල ප්‍රසාද් අයියාටත්, මට හැමවෙලේම උදව් කරන M.T.R. තරිඳු රුක්ෂාන් පෙරේරා, රවිඳු රුක්ෂාන් කියන අයියලාටත්, නන් අයුරින් උදව්කළ සියලු දෙනාටමත්, හැමදාම සබ් ගන්න කමෙන්ට් දාන සියලු දෙනාටත්.
තව දෙයක් තියනවා. බයිස්කෝප් රසික ඔබ සැමට දැන් අපේ අඩවියේ නම සහිත ටී ෂර්ට්, ෆෝන්වල බැක්කවර්, නවතම චිත්‍රපටි රූපවාහිනි කතාමාලා උසස් තත්වයේ වීඩියෝ හා උපසිරසි සමගින් ලබාගැනීමේ අවස්ථාවත් තියනවා. ඒ සඳහා ඔබ කළ යුත්තේ baiscopeshop.com වෙබ් අඩවියට පිවිසීමයි.
උපසිරැසිය අරගෙන, ලිපිය කියවලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියන ගමන් නවතින්නම්. තවත් උපසිරසියකින් හමුවෙමු!
!!!!! ජය වේවා !!!!!
෴ ෴ ෴ බුදු සරණයි! ෴ ෴ ෴
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| WEB-DL | x265 |720p |815MB |
351ebd96fdaab3470a5c8778b2ca5064bb94a6a6
| HDRip | x264 | 720p | 807MB |
74EF0A3DD00834E1228A6A2763540147A84E338E
Direct Download
| WEB-DL | 480p | x264 | 380MB |
| WEB-DL | 720p | x264 | 715MB |
| WEB-DL | x265 | 720p | 800MB |
| HDRip | 720p | x264 | 799MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)