Bala (2019) | කොල්ලෙක්… තට්ට කොල්ලෙක්!!

ලොකු ලොකු රේටින් ගන්න
හරි හරියට ආදායම්හොයන්න
හොඳම චිත්‍රපටි ලිස්ට් අස්සේ අනිවාර්යෙන් ඉඩක් වෙන්කරගන්න
සම්මාන උළෙලවල අතික්‍රමණය කරන්න
හැම චිත්‍රපටියකටම බෑ.
හැබැයි සමහර චිත්‍රපටි තියෙනවා ඔය හැමදේම කරගත්තු.
සමහර නළුවෝ ඉන්නවා ඔය හැමදේම කරගන්න
සොරි නළුවෝ නෙමේ
නළුවෙක්…
ආයුෂ්මන් කුරාණා.
නම අහපු සැනින් චිත්‍රපටිය මොකක්ද කියලා හොයන්නේ නැතුව
කෙලින්ම බලන්නයි හිතෙන පොරක්.
ඒ තරමට විශ්වාසයි.
අපිට නින්ද යන්නෑ කියලා.
හැගීම් වල පතුලට යන්න පුළුවන් කියලා
වෙනස්ම වෙනස් කතාවක් කියලා
හොඳ පැයක් දෙකක් ගෙවන්න පුළුවන් කියලා.
ඛාන් කෙනෙක්, කුමාර් කෙනෙක් නෙමේ.
කුරාණා කෙනෙක්.
කෝටි 100 එයාට දැන් නතින්!!!

පුරුදු විදිහට චිත්‍රපටිය ගැන කියාගෙන ආවේ නෑ. නළුවා ගැනයි කියාගෙන ආවේ. මොකද මේ කවුරුත් එනකම් ඇඟිලි ගැනගෙන හිටපු චිත්‍රපටියක් හින්දා මටත් අමුතුවෙන් විකුණන්න දෙයක් නැහැ. නම කියපු ගමන් කවුරුත් දන්නවා. IMDb එකේ බල්ටි ගහපු, කෝටි 100 මාක් එක පැනපු සුවහසක් තට්ට කොල්ලන්ගේ හිතට තට්ටු කරපු Bala ලේසියෙන් අමතක කරන්න පුළුවන් කතාවක් නම් නෙමෙයි. එන්න කලින් පොඩි පොඩි ආරවුල් වගේකුත් සිද්ධ වුණා, නීතිමය වශයෙන්. ඔව් ඒකට හේතුව තමා මීට සමාන තේමාවකින් නිෂ්පාදනය වෙච්ච Ujda Chaman චිත්‍රපටිය. කොහොමහරි අවුල් වියවුල් වලින් පස්සේ චිත්‍රපටි දෙකම තිරගත වුණා. Bala වල ආදායමට Ujda Chaman වලින් බලපෑමක් වෙයි කියලා හිතුවට, මොන පිස්සුද එහෙම කිසි දෙයක් උනේ නෑ. ආදායම් සහ විචාරක පැසසුම් අතින් බාලා නැගී සිටියා.

සියලු දේවල් වලින් පස්සේ 2019 අවසන් වෙන්නේ අයුෂ්මන්ට තවත් ජයග්‍රාහි මතකයන් රැසක් ඉතිරි කරමින්. කුලමල සමඟ පැටලුනු ස්ත්‍රීයකගේ අතුරුදහන් වීමක් සොයන පොලිස් නිලධාරියෙක් (Article 15 (2019)), කාන්තා කටහඩින් කතා කළ හැකි තරුණයෙක් (Dream Girl (2019)) එක්කලා හිසකෙස් හැලෙනවට පීඩා විඳින තරුණයා ඔහුට මේ ජයග්‍රාහි මාවතේ හේතු වුණා. ලැබුවාවූ 2020ත් ඔහුගේ ජයග්‍රාහි ගමන තවත් තහවුරු වේවි වෙනස්ම සංකල්ප තියෙන චිත්‍රපටත් සමඟින්ම. එහෙනම් මේ පැය දෙකයි විනාඩි 15 විඳගන්න, හිනාවෙන්න, පොඩ්ඩක් හැගීම්බර වෙන්න, ජීවිතේට ආදරේ කරන්න. එහෙනම් සමුගන්නවා මේ සිංහල උපසිරැසිය තිලින කරන ගමන්ම. ජයවේවා!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | SD | 732MB | 

Direct Download

| HDRIP | x264 | SD | 244MB |

| HDRIP | x264 | SD | 422MB |

| HDRIP | x264 | SD | 732MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Bala (2019) | කොල්ලෙක්… තට්ට කොල්ලෙක්!!

  • January 20, 2020 at 21:27
    Permalink

    ටොරන්ට් ලින්ක් එක වැඩ නෑ බන් ? අප්ඩේට් එකක් දෙන්න බැරිද සබ් එකට ගැලපෙන එකක්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!