Asterix: The Mansions of the Gods (2014) | සූර පප්පා සහ දෙවියන්ගෙ රාජධානිය…

 කැලේ මැද ගමක් තියනවා……..

  එහි පප්පලා රෑනක් ඉන්නවා……….

                                    ගමට පප්පා ගම කියනවා…………
                                  
ඒ පප්පලා ජොලි වැඩ කරනවා…..

කොහොමද යාළුවනේ. අද නම් සිංදුව දැක්ක ගමන් යාළුවන්ට හිතෙන්න ඇති මොකක්ද චිත්‍රපටිය කියලා.  Astérix: The Mansions of the Gods. පහු ගිය අවුරුද්දෙ ආව චිත්‍රපටියක්. ඒත් හොද කොපියක් අන්තර්ජාලෙට නිකුත් වුනේ ටික දවසකට කලින්. ඒත් නිවරදි උපසිරසියක් නම් තවම නෑ. මේක ප්‍රංශ චිත්‍රපටියක්. ඒ නිසා නිවරදි උපසිරසියකුත් නැතුව ගොඩක් අමාරුවෙන් තමයි කරේ. ඒ නිසා අඩුපාඩු ඇති යාළුවනේ ගොඩක්. ඒ ගැන සමාවෙන්න ඕන. මේකට උපසිරසියක් ආව ගමන් අඩුපාඩු හදලා දෙන්න පොරොන්දු වෙනවා. මේක IMDb අගය 7/10  ක් අරන් තියන චිත්‍රපටියක්.

මේ කතාව ඇස්ටරික්ස් වුනත් අපි කාටත් පුරුදු සූර පප්පා කියලානෙ. ඒ නිසා මම අපි බලපු අපට පුරුදු සූර පප්පා, ජිම් පප්පා, වෙද පප්පා කියන ඒ නම් ටිකම යෙදුවා. මම හිතනවා ඔයාලා ඒකට අකමැති වෙන එකක් නෑ කියලා.

කතාව පොඩ්ඩක් කියන්නම්කො. සීසර් ඉතින් හැමදාම පප්පලාට පරදිනවානෙ. මේක දැන් සීසර්ටම ඇති වෙලා. ඉතින් සීසර් තීරණය කරනවා පප්පලාගෙ ගම කිට්ටුව රෝම ජනතාවට ඉන්න ගෙවල් හදන්න. එකෙන් වත් පප්පලාව එයාගෙ උගුලට අහුකරගන්න පුළුවන් වෙයිද බලන්න. ඒත් කිසිම රෝම වැසියෙක් මෙච්චර දුර යන්න කැමති වෙන්නෙ නෑ. ඒත් සීසර්ගෙ ඇමති කෙනෙක් පොඩි රැවටීමක් කරලා මිනිස්සුන්ව එහෙ යවන්න සූදානම් කරනවා.

මේ අතර මේ ගෙවල් හදන්න සීසර් යවපු ගෘහ නිර්මාණ ශිල්පියාට පප්පලා නිකන් ඉන්න දෙන්නෙ නෑ. කොහොමින් කොහොම හරි මේක නවත්තන්න පප්පලාට පුළුවන් වෙන්නෙ නෑ. පප්පලා පහර දෙන්න යද්දි මිනිස්සු ඇවිල්ලා පදිංචි වෙලත් ඉවරයි. මේ වැඩෙන් පප්පලාගෙ ගමට වෙන්නෙ හිතුවෙ වත් නැති කරදර. පප්පලා ටිකත් මේ ගෙවල් වල පදිංචියට යනවා. ඒ අස්සෙ අරිෂ්ඨෙත් ඉවර වෙලා. අරිෂ්ඨෙ හදන්න වෙද පප්පා නෑ සීසර්ගෙ හමුදාව වෙද පප්පාව අල්ලගෙන. බලන්නකො මේ පාරවත් පප්පලාට එරෙහිව සීසර්ට දිනන්න පුළුවන් වෙයිද කියලා. ආ මේ පාර නම් වල් උෟරො නැතුව ජීවත් වෙලා වැඩක් නැති ජිම් පප්පාට වල් ඌරො නැතුව ටික දවසක් ජීවත් වෙන්න වෙනවා ඒ වගේම ජිම් පප්පාට අරිෂ්ඨෙ රහ බලන්නත් ලැබෙනවා.

එහෙනම් තව චිත්‍රපටියක් අරන් එනකන් සියළු දෙනාටම ජය…….

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 800MB | MkvCage |

Direct Download

| Bluray | x264 | 720p | 800MB | MkvCage |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Asterix: The Mansions of the Gods (2014) | සූර පප්පා සහ දෙවියන්ගෙ රාජධානිය…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!