Arrow [S05 : E23] | ආයෙත් ලියැන් යූ වලට.

ඔන්න ඉතින් ඔයාලා හැමෝම ආසාවෙන් බලපු ඇරෝ කතාවේ පස්වෙනි සිසන් එකේ අවසානයටයි අපි දැන් මේ ඇවිත් ඉන්නේ. ඉතින් ගිය අවුරුද්දේ ඔක්තොම්බර් පටන් ගත්ත මේ සිසන් එක මෙච්චර කාලයක් පුරාවට මෙච්චර ඉක්මනින් විකාශය වෙලා ඉවර වුනා කියලා හිතාගන්නත් බෑ නේද? කොහොමෙන් කොහොම හරි මේ කාලය පුරාවට ඔයාලා හැමෝටම ඇරෝ කතාව තේරෙන සිංහලෙන් ආසාවෙන් බලන්න සිංහල සබ් එක පුලුවන් තරම් ඉක්මනින් වගේම ගොඩක් නිරවද්‍ය විදියට මම ඔයාලට අරගෙන ආවා. ඒ වෙනුවෙන් ගොඩක් අය මට මල් වලින් ප්‍රසංශා කලා වගේම සමහරක් අය මට ගල් මුල් වලින් පහර දීලත් තිබුනා. වැඩේ කියන්නේ මේ ලගක ඉදන් ඒඩ්‍රියන් ඔලිවර් එක්ක කොච්චර තරහින් ඉන්නවාද ඒ තරමටම මාත් එක්ක තරහකින් හිටපු අයත් ටික දෙනෙක් පේන්න හිටියා. ? කමක් නෑ ඒ අයත් මට ශක්තියක්. කොහොමත් එදා ඉදන්ම ඒ වගේ දේවල් බලාපොරොත්තුවෙන් තමයි මම මේ සබ් කරන්න පටන් ගත්තේ. (ලංකාවනේ… නිකන්නෙ දෙන්නේ… එතකොට අගයක් නෑනේ… :p ) ඒ වුනාට කියන්නම ඕනි සමහර අය මගේ අම්මට තාත්තට පවා බැනලා තිබුනා. ඒ ගැන නම් ගොඩාක් ලොකු පසුතැවීමක් ඇතිවුනා. බනින්න ඕනෑ තරමක්. හැබැයි මට විතරක්. මගෙ අහිංසක දෙමව්පියෝ ගාවගන්නේ නැතිව. ඒ වගේම කියන්න ඕනිම හැමදාම වගේ ඉවසිමෙන් ඉදලා සබ් එක ඩවුන්ලෝඩ් කරපු, ඒ වගේම කමෙන්ට් කරපු, අර මට බැනපු අයට මං වෙනුවෙන් කතා කරපු ඒ වගේම බයිස්කෝප් වෙබ් සයිට් එකත් එක්ක ඉන්න ඔයාලා තමයි මගේ ලොකුම ශක්තිය. ඉතින් ඒ වෙනුවෙන් ඔයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ බහුතරයක් දෙනා වෙනුවෙන් තමයි තවමත් සැලෙන්නේ නැතිව හැම කට්ටක්ම කාගෙන අපි සබ් දෙන්නේ. හරි දැන් පදුර වටේ තැලුවා ඇති නේද? කෙලින්ම කතාවට. ?ඩේමින් ඩාර්ක්ගේ පිස්සු විකාර වැඩ නවත්වලා ස්ටාර් නගරය බේරාගත්ත ඔලිවර් උදේට නගරයේ නගරාධිපති විදියටත් රෑට නගරයේ ආරක්ෂකයා ඇරෝ විදියටත් නගරයට සේවය කරන්න පටන් ගත්තා. හැබැයි ඉතින් මේ වැඩේ ලේසි දෙයක් නෙවෙයි. මොකද චරිත දෙකක් රගපානවා කියන්නේ ඔලිවර්ට කරන්න ගොඩක් අමාරු දෙයක්. ඒ විතරක් නම් කමක් නෑ නගරයේ එපා කරපු මැරයොත් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ෆෙලසිටිගේ බලකිරිම නිසා ඔලිවර් ඇරෝ ටීම් එකක් හදන්න පටන් ගන්නවා. ඒකට වයිල්ඩ් ඩෝග් එහෙමත් නැත්නම් රෙනේ, ඒ වගේම එවලිනුත්, ෆෙලසිටිත් එක්ක එකට වැඩකරපු කර්ටිස් වගේම පරණ වැරහැලි කබායක් ඇදගත්ත අදෘශ්‍යමාන බලයක් තියෙන රෝරි කියලා කට්ටියක් එකතු කරගන්නවා. ඒ අයට පුහුණු කරන එක වගේම එයාලා පාලනය කරන එක නම් එච්චර සුන්දර වෙන්නේ නෑ. ඉතින් ඇරෝ කණ්ඩායම මෙහෙම ප්‍රබල වෙද්දි පාතාල ලෝකයේ නායකයා විදියට ටොබායස් චර්ච් කියලා දරුණු ඝනයේ අපරාධකාරයෙක් මතු වෙනවා. එයාව නම් නවත්වන එක එච්චර ලේසි වෙන්නේ නෑ. ඒ වගේම එයා ඇරෝවත් කොටු කරගන්න ගොඩක් උත්සහ කරනවා. ඔලිවර් නූලෙන් තමයි ඒ දේවල් වලින් බේරෙන්නේ.

ඉතින් මේ ලොකු කරදරයෙන් බේරෙන්න ඔලිවර් මාස්ටර් ප්ලැන් එකක් ගහලා ටොබායස්ව කොටු කරගන්නවා. හැබැයි ඉතින් ටොබායස්ව නිතිය ඉස්සරහට ගෙනියලා දඩුවම් කරන්න නම් වෙන්නේ නෑ. මොකද ප්‍රොමෙතියස් කියලා කෙනෙක් එකපාරටම කඩා පැනලා මේ ටොබායස්ව මරලා දානවා. ඒ වෙන මොකටවත් නෙවෙයි ටොබායස් ඇරෝව මරන්න හදපු නිසා. ඉතින් ඊලග ප්‍රශ්නය කවුද මේ ප්‍රොමෙතියස් කියන්නේ? එයා ගැන කිසිම අදහසක් ඇරෝ ටීම් එකට නෑ. හැබැයි ඉතින් එයා ඔලිවර්ගේ අතීතයට සම්බන්ධ කෙනෙක් කියලා දැනගන්න තරම් දේවල් ගොඩක් සිද්ධ වුනා. කොහොම වුනත් ඔලිවර් කොයි තරම් දේවල් දන්නේ නැද්ද කියලා ඔප්පු කරමින් එයාගේ ටීම් එකේ හිටපු එවලින් ප්‍රොමෙතියස්ට සහය දෙන්න එයාගේ පැත්තට ගියා. ඉතින් ඇරෝ ටීම් එකේ හැම විස්තරයක් ගැනම දැනගෙන තමයි එයා ප්‍රොමෙතියස් ලගට ගියේ. මේ අතරතුර ඔලිවර් හිරේ හිටපු ඩිගල්වත් බේරාගන්න අමතක කලේ නෑ. තව ෆෙලසිටි හැකින් කරන ටීම් එකකටත් බැදුනා. ඒ දේ නම් හොද දෙයක් වුනේ නෑ. මොකද ඒ ටීම් එකට ගිහින් ෆෙලසිටිට කරන්න වුනේ ගොඩක් නිති විරෝධි වැඩයි. ඔය අතරේ ඔලිවර් මේ ප්‍රොමෙතියස්ගේ ප්‍රශ්නයේ ගොඩක් පැටලිලා හිටියා. ඒ විතරක් නෙවෙයි මේ ප්‍රොමෙතියස් අල්ලන්න ගිහින් ෆෙලසිටිගේ ජිවිතයේ අලුත්ම ආදරයත් ඔලිවර් අතින් මැරුණා. ඒක නම් එයා හිතලා කරපු දෙයක් නෙවෙයි.

ඔය අතරේ තමයි ඔලිවර්ගේ නගරාධිපති කාර්යාලයේ වැඩ වලට උදව්වට ඒඩ්‍රියන් චේස් කියලා කෙනෙක් එන්නේ. එයා ඇවිත් ඔලිවර්ගේ හැම වැඩකටම උදව් කරලා එයාගේ හොද හිත දිනාගන්නවා. ඉතින් ඔලිවරුත් එයාව ගොඩක් විශ්වාස කරන්න පටන් ගත්තා. හැබැයි ඉතින් මේ ප්‍රොමෙතියස් ගැන හොයාගෙන හොයාගෙන යද්දි තමයි ඔලිවර් දැනගත්තේ මේ ඒඩ්‍රියන් චේස් තමයි ප්‍රොමෙතියස් කියන්නේ කියලා. එයා ඔලිවර්ගෙන් මේ තරම් පලිගන්නේ එයා පොඩි කාලයේදි එයාගේ තාත්තව ඇරෝ මරලා දාපු නිසා. ඒකට පලිය ගන්න තමයි එයා මේ තරම් දේවල් සැලසුම් කරලා තියෙන්නේ. ඒත් ඒක දැනගත්තා කියලා ඔලිවර්ට කරන්න කිසි දෙයක් නෑ. මොකද එයාව කොටු කරන්න කිසිම විදියේ සාක්ෂියක් තිබුනේ නෑනේ. ඒ වුනාට ඉතින් ඒඩ්‍රියන් හිතු මතේ වැඩ කරන ගමන් ඔලිවර්ට හැම වෙලාවෙම වගේ තර්ජනය කලා. ඒ විතරක් නෙවෙයි එයාව පැහැරගෙන යන්නත් ගියා. ගිහින් දවස් ගානක් ඔලිවර්ව හිර කරගෙන තියල එයාට කායික වගේම මානසිකවත් ගොඩක් වද දුන්නා. ඒ දේ නිසා ඔලිවර් කලකිරිලා ඇරෝ ටීම් එක පවා විසුරවන්න තිරණය කලා. මොකද ඒඩ්‍රියන් හැම වෙලාවකම ඔලිවර්ට කිවේ එයා අතීතයේ කරපු දේවල් නිසා එයා ලගින් ඉන්න හැමෝම එයාගේ වැරදි වෙනුවෙන් විදවනවා කියලා.

හැබැයි ඉතින් ෆෙලසිටිගේ අර හැක් කරන ටීම් එකේ උදව්වෙන් මේ ප්‍රොමෙතියස් කියන්නේ ඒඩ්‍රියන් කියලා ඔප්පු කරන්න පුලුවන් සාක්ෂියක් මෙයාලා හොයාගන්නවා. ඒක පොලිසියට පෙන්වලා ඒඩ්‍රියන් අපරාධකාරයෙක් විදියට ලයිස්තුවට දානවා. හැබැයි ඉතින් ඒඩ්‍රියන් එයාලට වඩා කපටියි. එයා හැමෝගෙම ඇස් වහලා පැනලා යනවා. ඒ වගේම දිගින් දිගටම ඔලිවර්ට කරදර කරන එකත් නවත්වන්නේ නෑ. මේ හැම වෙලාවෙම ඔලිවර්ට වුනේ චේස්ගේ පදේට නටන්නයි. අවසානයේදි චේස්ව අල්ලාගන්න ඇරෝ ටීම් එකට පුලුවන් වෙනවා. ඉතින් කොහොම හරි හැමදේම අවසාන වුන නිසා මෙයාලා සතුට සමරනවා. හැබැයි ඒක සමරන්න වෙන්නේ ටික වෙලාවකට විතරයි. මොකද ඒඩ්‍රියන්ගේ ගෝලයෝ ඔලිවර්ගේ ටිම් එකේ වගේම එයාගේ ලගින් ඉන්න එකින් එක්කෙනා පැහැරගන්නවා. මේ මොකද වෙන්නේ කියලාවත් ඔලිවර්ට හිතාගන්න බැරිවෙනවා. අන්තිමේට ඔලිවර් ඉතිරිවෙන්න අනිත් හැමෝම ඒඩ්‍රියන් පැහැරගෙන.

මේ වෙලාවේ තමයි ඔලිවර්ගේ උදව්වට මර්ලින් එන්නේ. ඒ වෙන මොකටවත් නෙවෙයි තියාව බේරාගන්නයි. ඒ වගේම ඔලිවර් නසාට කතා කරලා එයාගෙනුත් උදව් ඉල්ලනවා. අන්තිමේට ඔලිවර්ට නොහිතපු දෙයක් කරන්න වෙනවා. ඒ තමයි එයාගේ අම්මගේ මිනී මරුවා ස්ලේඩ් විල්සන්ගෙනුත් උදව් ඉල්ලාගෙන යන්න ඔලිවර්ට සිද්ධ වෙනවා. හැමෝම එකතු කරගත්තට පස්සේ ඔලිවර් දැනගන්නවා ඒඩ්‍රියන් අර අය කොහෙද තියාගෙන ඉන්නේ කියලා. ඒ වෙන කොහෙවත් නෙවෙයි ලියැන් යූ දුපතෙයි. ඊට පස්සේ ඔලිවරුයි අනිත් අයයි ඒ දූපතට යනවා. ඉතින් ඒඩ්‍රියන්ගෙ අවසාන සෙල්ලම කොයි වගේ වෙයිද? මේ වතාවේදිවත් ඔලිවර්ට එයාට වඩා ඉස්සරහින් හිතන්න පුලුවන් වෙයිද? අනිත් අයව බේරාගන්න පුලුවන් වෙයිද? මොනවායින් මොනවා වෙයිද? මේ ගැන දැනගන්න අපි මේ කොටස බලලා ඉමු…. . . ^_^

 
 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 205MB |    

රෑදිසිටින්න

| HDTV | x264 | SVA | 397MB |    

f9c261d8b68d66ede7da254b4a09cbfba9099e6c

| HDTV | x264 | 720p | 1.4GB |    

86e6c7ffe499794a927d18dfe9717f19d6a1cb30

| HDTV | x265 | 720p | 223MB |    

89E6B9DB443645C50786415FE207DC6FCEC464A3

Direct Download

| HDTV | x264 | 480p | 190MB |         

| HDTV | x264 | SVA | 397MB |          

| HDTV | x264 | 720p | 1.4GB |           

| HDTV | x265 | 720p | 235MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!