Jumanji: The Next Level (2019) | සෙල්ලම දැනුයි පටන්ගත්තෙ…[Bluray Updates]

ඉතිං 1981 වර්ෂයෙදී එළි දැක්වුණු මෙම පොත පාවිච්චි කරලා 1955 වර්ෂයෙදී තාක්ෂණයෙ එක්තාරා දියුණුවක් ඇති කාල වකවානුවේදී චිත්‍රපටයක් එළි දක්වනවා. එය ළමයි අතරෙ ගොඩක් ජනප්‍රිය වෙනවා. ඒවගේම ”IMDb මීටරේ 7.0′‘ ක ඉහළ අගයක් සහ ”කුණු තක්කාලි 54%” අරගන්න හැකියාවක් ලැබෙනවා. “Joe Jonston” අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය ”බොක්ස් ඔෆිස් ආදාම මිලියන 263” ක් ලබාගන්නවා. ඒවගේම රංගන ශිල්පීන්ට Robin Williams | Kirsten Dunst | Bonnie Hunt | Bradley Pierce | Jonathan Hyde | Bebe Niuwirth දායක වෙනවා.

ඔන්න ඊට පස්සෙ හරියටම අවුරුදු 22 කට පස්සෙ නවතම තාක්ෂණය භාවිතයෙන් සහ අලුත් ට්‍රෙන්ඩ් එකට හරියන විදියට චිත්‍රපටයක් නිර්මාණය කරනවා. එය Jumanji : Welcome To The Jungle යන නමින් තමයි එළි දක්වන්නෙ. මෙහි ‘‘IMDb අගය 6.9” ක් සහ ”කුණු තක්කාලි අගය 76%” අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මෙය අධ්‍යක්ෂණය කරන්නෙ ”Jake Kasdan” විසින්. ඇමරිකානු ඩොලර් මිලියන 150 ක පිරිවැයකින් නිපද වු මෙය ”ඩොලර් මිලියන 962” ලබාගැනීමට හැකියාව ලැබුණා. ඒවගේම රංගනයෙන් Dwayne Johnson l Karen Gillan l Kevin Hart l Jack Black l Nick Jonas l Madison Iseman l Alex Wolff වැනි සුප්‍රකට රංගන ශිල්පින් ප්‍රමාණයක් එකතු වෙනවා. ඒවගේම මෙහි ලබපු සාර්ථකත්ව නිසාම මෙහි දෙවැන්නක් බලපොරොත්තු වෙන්න කියලා එහි අධ්‍යක්ෂකවරයා මාධ්‍ය ප්‍රකාශනයකදී පවසා හිටියා. ඉතින් මෙලෙස 2019 වර්ෂයෙ තිරගත මෙය වෙච්ච ජුමාන්ජි චිත්‍රපටය හඳුන්වන්නෙ ”Jumanji : The Next Level” යනුවෙන්. එයත් පළමුවැන්න වගේම අති සාර්ථක සිනමා පටයක් වීමට හැකියාව ලැබුණා. එහි ”IMDb අගය 7.0” වැනි අගයක්ද ”කුණු තක්කාලි 71%” අගයක්ද අරගන්න සමත් වී තිබෙනවා. රංගන ශිල්පින් කලින් එකේම හිටපු කට්ටිය තමයි ඉන්නෙ. හැබැයි අමතර චරිත දෙකක් දායක වෙනවා. ඉතින් Action l Adventure l Sci-Fi යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැය දෙකක් පුරාවට ඔබට රසවිඳින්න පුළුවන්. ඒවගේම තමයි ඩොලර් මිලියන 132 ක පිරිවැයකින් නිපද වූ මෙය ”බොක්ස් ඔෆිස් ආදායම 752” ක ලබාගන්න හැකියාව ලැබිල තියෙනවා. හැබැයි මෙය වෙනස් වෙන්න පුළුවන්. මොකද තාමත් මෙය තිරගත වෙන නිසා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් චිත්‍රපටයයෙදී දකින්න ඇතිනෙ මේ හැමෝටම වගේ සිද්ධ වෙච්ච දේවල්. කොහොමහරි ස්පෙන්සර්ගෙ යහළුවෝ ටික හිතාගෙන ඉන්නෙ ස්පෙන්සර් ගේම් එක විනාශ කළා කියලා. නමුත් ඔහු එය කරන්නෙ නැහැ. ඔහු එය ළඟ තබාගන්නවා. ඔන්න දැන් නිවාඩු කාලෙ ඇවිත් ස්පෙන්සර් යනවා අම්මගෙ ගෙදර. මෙයාලගෙ සීයත් ඉන්නෙ මෙහෙමයි. හැබැයි ස්පෙන්සර් ලොකු කලකිරීමකින් ඉන්නෙ. මොකද එයා රූබි එක්ක තරහ වෙලා ඉන්නෙ. මොහු කරන්නෙ ආපහු සෙල්ලම ඇතුළට යන එක. ඔය අතරේ මේ යහළුවෝ ටික ස්පෙන්සර්ව හොයාගෙන එනවා. ඔය අතරේ මෙයාලා දකිනවා ස්පෙන්සර් නැවතත් සෙල්ලම ඇතුළට ගිහින් තියෙන විත්තිය. ඉතින් මෙයාලා ඔහුව එහෙම අතාරින්නෙ නැහැ. මෙයලාත් යනවා සෙල්ලම ඇතුළට. කලින් වතාවට වඩා මේ පාර ගොඩක් වෙනස්. මොකද චරිත තොරගනෛමක් සිද්ධ කරන්න බැරි වෙනවා. ඒවගේම තමයි ගෙදර හිටිය අනිත් කට්ටියත් සෙල්ලමට ඇතුළට ඇදිල යනවා. ඒ එඩී සීයා සහ එයාගෙ යහළුවා මයිලෝව. ඒවගේම සම්පුර්ණුයෙන් චරිත මාරු වීමක් සිදු වෙනවා. මෙයාලට ලැබෙන්නෙ කෘර ජර්ගන් නමැති පුද්ගලයෙක් නවත්තන එක. ඔහු ගොඩක් සාහසික පුද්ගලයෙක්. ජුමාන්ජි වල ඉන්න බිහිසුණුම කෙනා ලෙස තමයි හඳුන්වන්නෙ. ඉතිං මේ චාරිකාවේදී ගොඩක් දේවල් මුහුණ දෙන්න ලැබෙනවා. ඔයාලා පුර්ව ප්‍රචාරක පටයේදී දකින්න ඇතිනෙ එයින් ටිකක්. එහෙනම් අපි බලමුකෝ මෙයාලට ස්පෙන්සර් බේරාගෙන මේ කෘර ජර්ගන්ව නවත්තන්න පුළුවන් වෙයිද කියලා?

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 1.1GB |

| Bluray | x264 | 1080p | 2.2GB |

Direct Download

| Bluray | x264 | 720p | 890MB |

| Bluray | x264 | 720p | 1.1GB | YTS|

| Bluray | x264 | 1080p | 2.2GB | YTS |

x265

| Bluray | x264 | 720p | 850MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Jumanji: The Next Level (2019) | සෙල්ලම දැනුයි පටන්ගත්තෙ…[Bluray Updates]

  • February 15, 2020 at 13:18
    Permalink

    hoda copy1 awama dapan machooo. thanks

    Reply
    • February 28, 2020 at 09:26
      Permalink

      තෑන්ක්ස් මචො හොද කොපියක් දැම්මට

      Reply
  • February 17, 2020 at 10:35
    Permalink

    jumanji 2017 eka download karanna be eka hadannako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!