Eega (2012) | මැස්සෙක් වී පලි ගනිමි!! [BluRay Updates]

මේක විශේෂයෙන්ම තෝරගත්තේ හේතු කිහිපයක් නිසයි. මෙච්චර කාලෙකට IMDB රේටින් වල තෙලිඟු චිත්‍රපටියක් ලබා ගත් වැඩිම රේටින් ප්‍රමාණය වන 8.2/10 න් ලබා ගත්ත චිත්‍රපටිය තමයි මේක. සජීවිකරණ ප්‍රයෝග උපරිම ලෙස යොදාගෙන තියෙන මේ චිත්‍රපටිය ඉතාමත් සාර්ථක ලෙස තිරගත වී ආදායම් වාර්තා බිඳදමපු එකක් කියලත් ආරංචියි. මේ චිත්‍රපටිය මෙච්චර සාර්ථක වෙන්න හේතුව ඔයාලට මේ බැලුවම තේරේවි. ඒ තරම් පට්ට චිත්‍රපටියක්. එක වෙලාවකට හිතාගන්නත් බැහැ තෙළිඟු සිනමාවට මෙච්චරම තාක්ෂණය යොදාගන්නවද කියලා..

මේකෙ කතාව ගැන කියනවනම්, තාත්තා කෙනෙක් පුතෙකුට කියන කතන්දරයක් තමයි මේ චිත්‍රපටිය පටන් ගන්නේ.. ලස්සන ගෑනු ලමයෙක් ඉන්නවා බින්දු කියලා, ඒ ගෑනු ලමයගෙ ගෙදරට ඉස්සරහ ගෙදර ඉන්නවා නානි කියලා කොල්ලෙක්, නානි බින්දුට හරි ආදරෙයි. බින්දුත් නානිට කැමතියි. ඒත් පෙන්නන්නෙ නැහැ. ඒ අතරේ තව සුදීප් කියලා බින්දුව කපටිකමෙන් ලබා ගන්න හදන දුෂ්ඨයෙක් ඉන්නවා.. මේ සුදීප් බින්දුව ලබා ගන්න තියෙන දැඩි උවමනාව නිසා එක දවසක් නානි ව අරගෙන ගිහින් මරනවා. එදා තමයි බින්දු නානිට ආදරෙයි කියලා කියන දවස. ඒත් ඒක අහන්න නානි ඒ වෙනකොට ජීවතුන් අතර නෑ. හැබැයි නානි මැරුනට ඊලඟ ආත්මේ මැස්සෙක් වෙලා ආපහු ඉපදෙනවා.. මේ මැස්සට තමන්ගෙ ගිය ආත්මේ ටිකෙන් ටික මතක් වෙනවා.. ඊට පස්සෙ තමයි මැස්සා සුදීප් කියන දුෂ්ඨයගෙන් පලිගන්න යන්නේ..

ඉතින් යාළුවනේ.. අහිංසක සතෙක් කියලා අපි හිතන මැස්සෙක් කොහොමද මිනිහෙක්ගෙන් පලි ගන්නේ? සුදීප් කොහොමද මැස්සගෙන් බේරෙන්නේ? සුදීප් ට බින්දුව රවට්ටගන්න පුළුවන් වේවිද? බින්දුට සුදීප්ගෙන් බේරෙන්න පුළුවන් වේවිද ? ඒ වගේම මැස්සව අඳුරගන්න බින්දුට පුළුවන් වේවිද? වගේ දේවල් චිත්‍රපටිය බලලම දැනගන්න. මේක බැලුවට පස්සේ නම් ඔයාලට මැස්සෙක්වත් මරන්න හිතෙන එකක් නෑ ඔන්න…🙂

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BluRay | x264 | 720p | 1.4GB | Dual Audio |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| BluRay | x264 | SD | 250MB |

| BluRay | x264 | SD | 400MB |

| BluRay | x264 | SD | 550MB |

| BluRay | x264 | SD | 700MB |

| BluRay | x264 | 720p | 1.4GB | Dual Audio |

HEVC – H265

| BluRay | x265 | 720p | 930MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!