21 Bridges (2019) | වැරදුන කුරුමානම…[Bluray Updates]

තවත් මගබලන් හිටපු චිත්‍රපටයක් එක්ක තමයි අද මේ එකතු වෙන්නේ. 21 බ්‍රිජර්ස් එහෙමත් නැති නම් පාලම් 21ක් ගැන කියවෙන මේ චිත්‍රපටයට ඒ නම වැටෙන්නේ අමුතු විදිහකින්. ඩේවිස් කියන්නේ පොලිස් පරීක්ෂකයෙක්. කුඩා අවදියේදීම පොලිසියේ සේවයේ කල තමන්ගේ පියාගේ අභාවය එක්ක මවත් සමඟ තනි උන ඩේවිස් තමන්ගේ රැකියාව විදිහට තොරගන්නෙත් පොලිසියයි. ඩේවිස්ට තියන වාර්තා වල හැටියට අපරාධකාරයෝ කිසි කෙනෙක් ඩේවිස්ගේ පිස්තෝලෙන් ජීවිතය බේරාගෙන නැහැ. ඒ තරමට අපරාධකාරයන්ට අපල පොලිස් නිලධාරියෙක් තමයි ඩේවිස් කියන්නේ.මෙහෙම ඉන්නකොට මැන්හැටන් වල එක්තරා සිදුවීමක් වෙනවා. ඒ කොල්ල කෑමක්. කොල්ල කෑම සිද්ධ වෙන්නේ මුදල් සම්බන්ධව නෙමෙයි. කොකේන් ගබඩා කරලා තියන තැනකට දෙන්නෙක් කඩා වදිනවා. මේ දෙන්න එතනට කඩා වදින්නේ පොඩි කොකේන් ප්‍රමාණයක් කොල්ල කන්න බලාගෙන නමුත් එතනට ගියාම තමයි දකින්න ලැබෙන්නේ ලැබුන ඔත්තුව වගේ කීප ගුණයකින් වැඩි කොකේන් ගොඩකට තමයි දෙන්නා කඩා වැදිලා තියෙන්නේ කියල. කොහොම උනත් දෙන්න කොකේන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා උස්සගෙන යන්න හදනකොට තව කරදරේකට මුහුණ දෙනවා. නොහිතපු විදිහට පොලිස් නිලධාරීන් ටිකක් එතනට එනවා. හිටපු හමුදා සෙබළු දෙදෙනෙක් වන මේ කොල්ල කරුවෝ දෙදෙනා දරුණු වෙඩි හුවමාරුවකින් එතනින් පැනලා යන්නේ පොලිසියේ හත් දෙනෙකුට ජිවිත අහිමි කරලා. ඉතින් හැමෝම දන්නවනේ පොලිසියේ කෙනෙක් මැරුවම පොලිසියේ අයට තියෙන කේන්තිය කොයි වගේද කියල. එහෙම කේන්තියකින් තමයි නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුවම ඉන්නේ. එහෙම ඉන්නකොට තමයි ඩේවිස්ට මේ කේස් එක බලන්න අවස්ථාව ලැබෙන්නේ. සිදුවීම සිදුවෙලා ක්ෂණිකව එතනට එන ඩේවිස්ගේ පළමු ඉල්ලීම තමයි මේ සිද්දිය උන මැන්හැටන් නගරයට ඇතුළු වෙන්න පිටවෙන්න තියෙන සියළුම පාලම් 21 වසා දමන්න කියන එක. ඉතින් අපි බලමු මේ උපක්‍රමය එක්ක ඩේවිස් සාර්ථක වෙයිද කියල.

මිලියන 33 ක වියදමක් දරා නිර්මාණය උන මේ ක්‍රියාදාම සහිත චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ Brian Kirk විසින්. රූපවාහිනී කතා මාලා වලට වැඩි නැඹුරුවක් දැක්වූ අධ්‍යක්ෂකවරයෙක් තමයි බ්‍රයන් කියන්නේ. ඒ වගේම මෙහි නිෂ්පාදන දායකත්වය සඳහා ලෝකයේ මෙතෙක් නිර්මාණය වූ වැඩිම අදායමක් ලැබූ චිත්‍රපටය වන Avengers: End Game නිර්මාතෘ Joe Russo සහ Anthony Russo සහෝදරයන් දෙපලට අමතරව මෙහි රංගනයෙන් දායක වන Chadwick Boseman වගේම Gigi Pritzker, Logan Coles, Robert Simonds යන පිරිසත් එකතුවෙලා තිබෙනවා. IMDb අගය 6.6 ලබාගන්න විට අද දිනවනවිට ලැබූ සමස්ත ආදායම වන්නේ ඩොලර් 48,239,757ක්. ලොකුම සාර්ථකත්වයක් නැති උනත් යම් මට්ටමකින් ඔළුව උස්සගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා කිව්වොත් නිවැරදියි.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray| x264 | 720p | 800MB 

Direct Download

| Bluray | x264 | 720p | 800MB

| Bluray | x264 | 1080p | 1.4GB

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!