The Omen (1976) | හයසිය හැට හය!

“…වෙහෙසත් බියත් වෙළාගත් තෝන් මහතා, පල්ලියේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වී අල්තාරයට දෙසට වේගයෙන් ගමන් කළේය. ඔහු සිතූ තරම් වේගයෙන් දිව යෑමට නොහැකි වූයේ, ඔහු ඇදගෙන ආ යමක් නිසාවෙනි. ඒ කුඩා දරුවෙක්! දරුවාගේ විලාපයට තෝන්ගේ හිත උණු නොවුණ සෙයකි. අනුකම්පා විරහිතව අල්තාරය දෙසට ඇදගෙන ආ කුඩා දරුවා බිම දිගා කළ තෝන්ගේ අතෙහි වූයේ උල් ආයුධයකි. තමන් මෙතෙක් විඳි දුක් ගැහැට අවසන් කළ හැක්කේ මේ උල් ආයුධයට පමණි! තෝන්ගේ අත වේගයෙන් ඉහළට එසැවිණි.

“ඕක බිම දානවා!”

ශාලාව පුරා නිම්නාද වූ හඬ දෙස තෝන් බැලුවේ එක් වරක් පමණි. නැවතත් ඔහු තමාගේ කාර්යයට සූදානම් විය. එක් වරම කන් බිහිරි කරවන වෙඩි හඬක් ඇසුණි….”

************

ජූනි 6 වනදා උදෑසන 6 ට තමන්ගේ පවුලට එකතු වූ කුළුඳුල් දරුවා ඒ මොහොතේම මියගොස් ඇති පුවත සැලවූ තෝන් මහතා අසිහියෙන් මෙන් රෝහල වෙත ගමන් කළේය. තම බිරිඳට මෙම සිද්ධිය නොපැවසූ ඔහු ඒ මොහොතේම, දරුවෙකු, දරුකමට හදා ගැනීමට තීරණය කරයි. කිසිදු ඥාතියෙකු නැති, “ඩේමියන්” යනුවෙන් නම් තැබූ ඒ හුරුබුහුටි කුඩා දරුවා, තෝන් පවුලට සතුට ගෙනාවේය. ඒ අවුරුදු පහක් යන තුරු පමණි. අර්බුදධය පටන් ගන්නේ, සාදයක් අතරතුර ඩේමියන්ගේ ආයම්මා, සියල්ලන් ඉදිරිපිට ගෙල වැළලාගෙන මිය යාමෙනි. ඉන් පසු සිදු වන්නා වූ සියලුම අසාමාන්‍ය සිදදුවීම් දාමය, තෝන් පවුලට ගෙන දුන්නේ අභාග්‍යයක්ම පමණි. තෝන් හට තම දරුවා කෙරෙහි සැකයක් උපදින්නේ මේ අතරතුරය ඒ, පූජක බ්‍රෙනන්ගේ අනතුරු ඇඟවීමත් සමඟය.  “යක්ෂයාගේ දරුවා! ඔහු ඔබේ වන සියලු දෙයක්ම විනාශ කර දමාවි!” පුවත්පත් වාර්ථාකරු කීත් ජෙනින්ග්ස් හා මේ අසාමාන්‍ය සිදුවීම් වල සුලමුල සොයා හඹා යන් තෝන් තමන් මෙතෙක් අත් නොවිඳි භීතියකට කම්පනයකට මුහුණ දෙයි.

“666!”

ඔව්! යක්ෂයාගේ සලකුණ! අවසානයේ තෝන් හට, තමන් මෙතෙක් හදාවඩා ගෙන ඇත්තෙ, මිනිස් දරුවකු නොව යක්ෂයාගේ පුත්‍රයා බව තේරුම් යන විටත් ප්‍රමාද වැඩි වී තිබිණි!

ඉතින් අවසානයේ කුමක් වෙයිද?

චිත්‍රපටිය තිරගත වූ දින එනම්, 1976-6-6 දින ප්‍රේක්ෂකාගාරය මහත් භීතියට පත් කරමින්, චිත්‍රපටයේ නළු නිළියන්, කාර්ය මණ්ඩලය සැබෑ ලෙසම අනතුරේ හෙළමින් හෝ මරණයට ළං කරමින්, Imdb අගය 7.5/10 ක් ගෙන, 1977 Academy සම්මාන උළෙලේ හොඳම සංගීතයට හිමි සම්මානය දිනූ, මේ චිත්‍රපටියථ මඟහැර ගන්නෙ කොහොමද?

ප.ලි.
මං ඩවුන්ලෝඩ් කරපු චිත්‍රපටියේ, උපසිරැසි ගොනුවේ පේළි ගාණ මං පස්සෙ දැක්කෙ. කීයද දන්නවද? 666 යි!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 700MB | 

Direct Download

| Bluray | x264 | 720p | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!