Unbroken (2014) | ධෛර්යය, ආත්මවිශ්වාසය හා ජීවිතය…

ඊයෙ කීව විදියටම ඉතාම ඉක්මණින් මෙන්න මේකත් ගෙනාවා සුවහසක් අපේ බයිස්කෝප් අඩවියට ගොඩවදිව සිනමා රසවතුන්ගේ රසවින්දනය පිණිස. අටුවා ටීකා ටිප්පනි වලින් තොරව කෙටියෙන් මේ සිනමා කෘතිය ගැන ටිකක් තොරතුරු හොයල බලමු. 2014 දෙසැම්බර් 25 වන නත්තල් දින ඇමරිකාවේ තිරගත කිරීම ආරම්භ කර ඇත.ඇමරිකා එක්සත් ජනපදයේ ඔපෙම්පික් ධාවන ශූරයෙකු වූ Louis “Louie” Zamperini  ක්‍රීඩකයාගේ ජීවිත කතාව ඇසුරින් මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත. මේ සඳහා පාදක කරගෙන තිබෙන්නේ,Laura Hillenbrand, නම් ලේඛිකාව විසින් රචිත Unbroken: A World War II Story of Survival, Resilience, and Redemption නම් ග්‍රන්ථයයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ඔබ අප කවුරුත් හොඳින් දන්නා ජනප්‍රිය හොලිවුඩ් නිලි ඇන්ජලිනා ජොලී විසිනි. ඇ.ඩො. මිලියන 65 ක වියදමක් දරා නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය ඇ.ඩො. මිලියන 157.4 ක ආදායමක් ඉපයීමට සමත් වී ඇත.

IMDb සිනමා දර්ශකයේ 7.1 ක අගයකුත්, Rotten Tomatoes හි 51% ප්‍රතිචාරයකුත් දිනාගැනීමට මෙම චිත්‍රපටය සමත් වී ඇත. චිත්‍රපටයේ කතාව පිළිබඳව බැලුවොත්, ඉතාලියේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූ පවුලක දඩබ්බර දරුවකු වූ ලුයී පාසැල් නොගොස්  වීදි සරන දරුවෙකු ලෙස හැසිරේ. නමුත් ඔහුගේ පවුල නගරයේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ පවුලක් වූ නිසා ලුයි නිසා පවුලේ නම්බුව පිළබඳ ගැටළු රැසකට ඔහුගේ දෙමාපියන් මුහුණ දෙනු ලබයි. නමුත් ඔහුගේ ධාවන හැකියාව හඳුනාගන්නා වැඩිමහලු සොයුරා වන පීට් ඔහුට එම අංශයෙන් ඔහුට ඉදිරියට යාමට දිරිමත් කරයි. එහි මල්ඵල ගැන්වීමක් ලෙස, 1936 ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වූ සමර් ඔලෙම්පික් තරඟාවලියේදී මීටර් 5000 ඉසව්වේ අවසන් වටය තත්පර 56 කින් අවසන් කරමින් ලෝක වාර්තාවක් පිහිටුවනු ලබයි. මේ දෙවන ලෝක යුද්ධය පැවති කාලයයි. 1943 දී ඇමරිකානු ගුවන් හමුදාවට බැඳෙන ලුයි එහි ප්‍රහාරක යානයක බෝම්බ හෙලන්නෙකු ලෙස සේවය කරන ලදී. එහි දී ඔවුන්ගේ ප්‍රහාරක යානයකට ජපන් ගුවන් හමුදා ප්‍රහාරයක් එල්ලවීමත් සමග මහ සයුරට කඩා වැටේ… ඊට පස්සෙ මොකද වුණේ කියල බාගෙම බලන්න.

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 920MB | YIFY |

| Bluray | x264 | 1080p | 2.1GB |YIFY |

Direct Download

| Bluray  | x264 | 720p | 920MB | YIFY |

| Bluray  | x264 | 1080p | 2.1GB | YIFY |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Unbroken (2014) | ධෛර්යය, ආත්මවිශ්වාසය හා ජීවිතය…

  • January 15, 2020 at 14:43
    Permalink

    Please add mega download link for all films.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!