Adutha Saattai (2019) | කස පහර !

ඔන්න යාලුවනේ 66 වෙනි සබ් එකත් අරගෙන ආවා ඔයගොල්ලන්ට, සමුතිරකානිගෙ තවත් ආදර්ශයක් ගෙන දෙන කතා වස්තුවක් මුල් කරගෙන ගොඩනැගිලා තියෙන්නෙ මේ ෆිලුම. කොලේජයක ගුරුවරුන් හා ළමයි අතර තියෙන සම්බන්ධතාව කොයි වගේද කියන එක මැනවින් මේ චිත්‍රපටයෙන් නිරූපනය වෙනවා. මේක පාසල් ශිෂ්‍යාවන්ට මෙන්ම ගුරුවරුන්ටත් නැරඹීමට අත්‍යවශ්‍යම චිත්‍රපටයක් කියල මම විශ්වාස කරනවා. Drama ගණයට අයත් Imdb අගය 6.8 ක් වගේ ඉහළ මට්ටමක පවතින 2019 නොවැම්බර් 29 වන දින ඉන්දියාවේ තිරගත වීම ආරම්භ කරන ලද පැය 2 කුත් විනාඩි 07ක් පුරා දිවෙන Samuthirakani, Athulya Ravi, Thambi Ramaiah, Rajshri Ponnappa ඇතුළු නවක නළු නිළියන් රැසක් දායක වෙනවා.

සිංහල මහාචාර්ය වරයෙක් වන දයාලන් අලුතෙන් කොලේජයට පැමිණි ගුරුවරයෙක්. ඔහු උත්සාහ දරන්නේ ගුරු – ශිෂ්‍ය පරතරය නැති කරල ශිෂ්‍යයන්ව දැනුමෙන් පෝෂණය කරල සමාජයේ ඉහල තැනකට ගෙන යන්න. නමුත් කොලේජයේ ඉන්න අනෙත් මහාචාර්යවරු විදුහල්පති ඇතුළත්ව සියලු දෙනාම අහංකාර කමින් උද්ධච්ච කමින් ඔලුව උදුම්මුවාගත් කොට්ඨාසයක්. ඔය අතරේ ජාති කුල ප්‍රශ්න වලට විදුහල්පතිගේ ඉදන් බෙදිල වෙන් වෙලා ජාතියෙන් පිට අයව නෙරපන තැනටම වැඩ සිද්දවෙනව. ජාතිය කියාගෙන අතේ නූල් බැදගෙන, තමන්ගේ අතෙත් නූල් බදින්න කියල එන ගුරුවරයෙක් පවා දයාලන් සර් විසින් බැනල එළවගන්නවා. මේ ජාති කුල බෙදීම නිසා සිසුන් අතර මත ගැටුම් නිතරම. දයාලන් සර්ගේ උත්සාහය මේ ජාති කුල බෙදීම් නැති කරල සිසුන්ව සමගි කරල හැමෝවම එකා වගේ තැනකට ගෙනැවිත් තියන්න. මේ නිසා දවසක් දයාලන් සර් කොලේජයේ බාරකාරත්වයේ අවසරයකින් තොරව ළමයින්ව කොලේජයෙන් එළියට එක්ක යනව කට්ටියම එක්කහු වෙලා වැඩ කළාම මේ ජාති කුල බෙදීම් නැතිවෙලා කට්ටිය සමගි කරවන්න හිතාගෙන. නමුත් මොකද්ද වෙන්නේ ? ආදර හුටපටයක් නිසා වෙන ගැටුමක් ජාති කුල ප්‍රශ්නයක් බවට හරවගෙන ශිෂ්‍යයන් ගහගන්නවා. මේ සිද්ධිය නිසා දයාලන් සර්ගේ වැඩ තහනමට පවා ලක් වෙනවා. වැඩි විස්තර නොකරම අපි බලමු දයාලන් සර්ට ඔහුගේ අරමුණ ඉෂ්ට කරගන්න හැකියාව ලැබෙයිද ? ආදී….පලනී… පොදු පොන්නු…මෙයාලගෙ ජීවිත කොතනින්ද නවතින්නේ කියල…

හැමෝටම තෙරුවන් සරණයි…!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | SD | 685MB | 

Direct Download

| HDRIP | x264 | SD | 245MB |

| HDRIP | x264 | SD | 425MB |

| HDRIP | x264 | SD | 525MB |

| HDRIP | x264 | SD | 726MB |

| HDRIP | x264 | 720p | 1.4GB |

x265

| HDRIP | x265 | 720p | 904MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!