Stalingrad (2013) | යුධ බිමක පීදුනු රතු රෝස මල්…

ශිල්ඩ් එකේ ඊලග කොටහ ආයේ එන්නේ ජනවාරි 7 වෙනිදා එතකම් කට්ටියට නිවාඩුවක් ගන්න පුළුවනි ඔන්න . 1942දී දෙවන ලෝක යුද්දයේ හිට්ලර්ගේ කඩා වැටීම ඇරබි රුසියාවේ, ස්ටලින්ග්‍රාන්ඩ්හි වොල්ගා නදිය අසබඩදී සිදුවුන තවත් එක සිදුවීමක් ගැන කියවෙන සිනමාපටයක් තමයි මේක. මේකේ රචකයා මේ සිනමාපටයට පාදක කරන තියෙන්නේ කෞතුකාගාරේ තියෙන ලියවිලි. ඉතින් මේක එතැනදී සිද්දවෙච්චි ඒ සත්‍ය සිදුවීම් පාදක කරගත්තු නිර්මාණයක්. අපිට හුරු පුරුදු නැති භාශාවක් උනත් කැමැත්තක් තියේනම් බලන්නලා ඉතින්, මම නම් පෞද්ගලිකවම ලෝක යුද්ධය අලලා නිපදවෙච්චි ගොඩාක් නිර්මාණ මම බලනවා. The pacific, Band of brothers, Band of Brothers [We Stand Alone Together], Company of Heroes [2013], Saving Private Ryan (1998) වගේ ඒවා ඇරුනම භාහිර රටවල සිද්දවෙචි යුද්ධ අලලා සැකසුන Tae Guk Gi: The Brotherhood of War (2004) වගේ නිර්මාණත් මම බලලා තියනවා. තව තියනවා මට මතක ටික තමයි මෙතන සදහන් කලේ. ඔයාලත් යුධ නිර්මාණ බලනවානම් මම ඕවා ඉහටත් උඩින් අනුමත කරනවා ඒ වගේම ඔයාලා බලපු නිර්මාණ තියනවනම් මටත් ඒවා බලන්න සදහන් කරලා යන්න කියලා ඉල්ලාහිටිනවා.

මම අද සිනමාපටයේ වෙන සිදුවීම මුල ඉදලා අගට වෙනකම්ම ඔයාලට කියනවා. එහෙම කිවුවා කියලා මුළු කතාවම ඔයාලට දැනගන්න වෙන්නේ නැහැ මොකද මේක ඇතුලෙන් තවත් කතාවක් ගලාගෙන යන නිසා. ඒ වගේම කියන්න ඕනා මේකට අන්තර්ජාතික සිනමා දත්ත ගබඩාවෙන් ලැබිලා තියෙන්නේ 5.1ක් වගේ සුළු අගයක් තමයි එත් ඉතින් එහෙම උනා කියලා මේක දුර්වල සිනමාපටයක් නම් නෙමෙයි. 86වෙනි ඇකඩමි සම්මාන උළෙලට ඇතුලත් වෙලා තියනවා මේ සිනමාපටය. අහ් ඒ වගේම කියන්න ඕනා මේකට මේ තරම් ලකුණු අඩුවෙන්න ඇත්තේ මේකේ ජර්මානු බසින් කතා කරනකොට එකට රුසියානු පරිවර්තනයක් හඩ කවල තියනවා ඒ නිසා වෙන්න ඇති. විකියා තමයි ඔන්න මට මෙදා සැරෙත් රුසියාවට හොර විසා එක හදලා දුන්නේ. එහෙනම් ඔන්න මම කතාව කියන්නම්කො. ඒත් ඊටත් කලින් මම මෙහෙම කියන්නම් ” ෆිල්ම් එක බලාගෙන යනකොට ඔයාලා දකීවි රුසියන් සොල්දාදුවෙක්ගේ වෙඩි උණ්ඩයක් රුසියානු කාන්තාවකගේ හිස පසාරු කරන් යාමෙන් ජර්මානු කර්නල් වරයෙකුගේ හදවත සුනු-විසුනු වෙන ආකාරය” යුද්දේ මිනිසුන්ගෙන් ගොඩක් දේවල් අරගන්නවා…

මෙහෙමයි කතාව ගලායාම සිදුවෙන්නේ. මෑතකාලයේ ජපානයේ ඇතිවෙච්චි භූමිකම්පාවකින් ටෝකියෝව විනාශයට පත්වෙලාගිහින්. ලෝකේ වටෙන්ම සහන කණ්ඩායම් එනවා එයාලට උදව් කරන්න, ඉතින් සුන්බුන් අතරේ බේරිලා ඉන්න අයව හොයනකොට එයාලට හම්බවෙනවා ජර්මානු සංචාරකයින් පස්දෙනෙක් සුන්බුන්වලට යටවෙලා ඉන්නවා.. ඉතින් ඒ යටවෙලා ඉන්න අයත් එක්ක රුසියාවෙන් ආපු සහන සේවකයින් පිරිසක් කැමරාවක් සහ මයික්‍රෆෝනයක් අධාරයෙන් කතා බහ කරනවා. එහෙම කතා කරමින් ඉන්නකොට අර යටවෙලා ඉන්න ජර්මානු අයගෙන් කෙනෙක් කියනවා එයාගේ තාත්තා මැරිලා එයාට තාත්තා නැතුව පාලුයි කියලා. ඕනෑම කෙනෙක්ට ඉතින් ඒ වගේ කරදරයකට පත්වුනහම තමන්ගේ ලගින් ඉදපු අයව මතක්වෙන එක සාමාන්‍ය දෙයක්නේ ඉතින් නේද. එහෙම කියනකොට අර රුසියානු සහන සේවකයෙක් කියනවා මට තාත්තලා පස්දෙනෙක් හිටියා ඒ පස් දෙනාවම මැරුවා ඒත් මම අඩන්නේ නැහැනේ කියලා දිග කතාවක් කියනවා.. අන්තිමේදී ඒ පස්දෙනාව බේරාගන්නවා සහන සේවකයින් එකතුවෙලා. ඕක තමා ආරම්භය සහ අවසානය. මැද තියන කතාව ඔතන නැහැ. ඉතින් මේ වගේ කතාවලට කැමති ඈයෝ ඉදිනම් ඔන්න බාගෙන බලන්ටලා. මම මේක ඉවර කලේ දවසට ලයින් හැටක් හැත්තෑවක් වගේ ප්‍රමාණයක් කරලා තමයි. මේක කරලා ඉවර උනහම මාර සන්තෝසයක් දැනුනා ලස්සන කතාවකට උපසිරසි කරන්න ලැබීම ගැන..ආයේ වෙලාවක හම්බවෙමුකෝ ගොහින් එන්නම් ඈ 😉

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 1.1GB | YIFY |

| Bluray | x264 | 1080p | 2.1GB |YIFY |

Direct Download

| Bluray  | x264 | 720p | 1.1GB | YIFY |

| Bluray  | x264 | 1080p | 2.1GB | YIFY |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!