The Aeronauts (2019) | සිහිනයක් කරා…

බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ලෙස 1809 අප්‍රේල් මස 7 වනදින ජේම්ස් ග්ලේෂියර් මේ ලොව එලිය දකිනවා. ඔහුගෙ පියා ඔරලෝසු සාදන්නෙක්. එවැනි පවුල් වාතාවරණයකදී තමයි මොහු තමන්ගෙ සිහිය හඹා යන්නෙ. මොහුට කුඩා කළ පටන්ම අලුත් දෙයක් සොයාගැනීමේ ආසාවක් තියෙනවා. හැබැයි එය කිරීමේදී මොහුට නොයෙකුත් බාධක එනවා. හැබැයි ඔහු නවතින්නෙ නැහැ. ඔහු කාලගුණය ගැන අනාවැකි කියන්න පුළුවන් බව ප්‍රකාශ කරනවා. නමුත් ”රාජකීය සංසදය” නමැති සංසදයෙ කට්ටිය ඔහුට සිනා සෙනවා. ඒවගේම තමයි අරමුදල් ලබාදීමට පවා ප්‍රතික්ෂේප කරනවා. හැබැයි වාසනාවකට වගේ ඔහුට අවසානයෙදී ඔහුගෙ ගවේෂණයන් සඳහා අරමුදල් යොදවිමට කෙනෙක් මුණගැසෙනවා. ඒවගේම තමයි මොහු ”අහස යාත්‍රාවකින් වැඩිම උඩකට ගිය පුද්ගලයා” වගේම ”වායුගෝලයෙ විවිධ ස්ථර තිබෙන බව” අනාවරණය කරගත් පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඒවගේම තමයි මොහුගෙ හිතවත්ම යහළුවා කොක්ස්වෙල්. ඔහු තමයි මොහුත් එක්ක මේ චාරිකාවට යෙදෙන්නෙ නමුත් චිත්‍රපටයෙදී ඒ සඳහා ගැහැණු චරිතයක් යොදා ගෙන තිබෙනවා. නමුත් එය ප්‍රබන්ධ චරිතයක් පමණි. නමුත් ඔහු කරපු සොයාගැනීම් වගේම සිදුවෙන දේවල් සත්‍ය කතාව පදනම් කරගෙන තමයි කරල තියෙන්නෙ.

චිත්‍රපටය ගැන කියනවා නම් මෙය නිකුත් වුණේ 2019 වර්ෂයෙ දෙසැම්බර් 20 වෙනි දින. ඒ Amazon Prime නමැති ස්ට්‍රිමින් සර්විස් එක හරහා. මේ වෙනකොටත් IMDb අගය 6.6 ක් සහ කුණු තක්කාලි අගය 72% අරගැනීමට සමත් වී තිබෙනවා. Action, Adventure, Biography යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැයයි විනාඩි හතළිහක් පුරාවට රසවිඳින්න පුළුවන්කමක් තියෙනවා. අධ්‍යක්ෂණය කටයුතු සිදු කරන්නෙ Tom Harper මගින්. ඒවගේම රංගනයෙන් Eddie Redmayne, Felicity Jones, Himesh Patel, Phoebe Fox, Tom Courtenay, Vincent Perez තම රංගන දායකත්වය ලබාදෙනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 890MB | YTS |

| Bluray | x264 | 1080p | 1.6GB | YTS |

Direct Download

| Bluray | x264 | 480p | 400MB |

| Bluray | x264 | 720p | 970MB | YTS

| Bluray | x264 | 1080p | 1.6GB | YTS

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “The Aeronauts (2019) | සිහිනයක් කරා…

  • January 14, 2020 at 06:34
    Permalink

    මේ එපා වෙනෝ බන් දැන් … download කරන්න පට්ට අමාරුයි බන් මගුල…. usersdrive එකේ ඒම download karanna ගියාම විනාඩි ගනන් බලන් ඉන්න වෙනෝ… කලින් මේම ප්‍රශ්නයක් තිබුනේ නෑ…. ඇයි බන් දැන් මේම වෙන්නේ….. baiscopedownload එකෙන් download karan ekath epa weno bn den

    Reply
    • January 14, 2020 at 10:30
      Permalink

      usersdrive කියන එක හැමෝටම ස්ලෝ නැහැ ඒ නිසා තමයි dropapk වලින් ලින්ක් දෙන්නේ.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!