Zombieland: Double Tap (2019) | දස වසරකට පසු සොම්බිලන්තය…

2009 වර්ෂයෙදී කාගේත් සිත් දිනාගන්න හැකියාවක් ලැබුණු සොම්බි චිත්‍රපටය මොකක්ද කියලා ඇහුවොත් ඔබ දෙන උත්තරේ කුමක්ද? මං නම් දෙපාරක් නොහිතා දෙන්නෙ ”Zombieland” කියන නම. ඔන්න හරියටම වසර 10 කට පස්සෙ එහි දෙවැන්න පැමිණියා. ගොඩක් නොඉවසිල්ලෙන් ඉන්න ඇත්තෙ ඔක්කොම. කොහොමහරි කලින් එකට වඩා ලයින් ප්‍රමාණය වැඩි වුණා. කොහොමහරි අවුරුද්ද අන්තිම වෙද්දී ඒක ඉවරයක් කරගන්න පුළුවන් වුණා.

මේ වෙනකොට චිත්‍රපටය හට IMDb අගය 7.0 ක වැනි ඉහළ අගයක් සහ කුණු තක්කාලි අගය 68% අරගන්න සමත් වෙලා තියෙනවා. Action l Comedy l Horror කාණ්ඩයට අයත් වෙන මෙය පැයයි විනාඩි තිස් නමයක් පුරාවට රසවිඳින්න හැකියාවක් ලැබෙනවා. කලින් වගේම රංගනයෙන් Emma Stone l Abigail Breslin l Woody Harrelson l Zey Deutch l Rosario Dawson l Luke Wilson l Jesse Eisenberg  එකතු වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කොලොම්බස්ට හැමදාමත් ඕන කරේ හැමෝටම සතුටින් ඉන්න හිටින්න තැනක් හොයන එක. කොහොමහරි අන්තිමේදී එය ඉෂ්ට වෙනවා. ඔවුන් ඔක්කොම ආරක්‍ෂිත ස්ථානයකට යනවා. ඒ තමයි ධවල මන්දිරය. ඉන්න තැනක් හොයාගත්තට හැමෝම සතුටින් නෙමේ හිටියෙ. ලිටල් රොක්ට මෙයාලාගෙන් වෙන් වෙලා එයාගෙම වයසෙ කට්ටිය ඉන්න තැනකට යන්න ලොකු ආශාවක් ඇතිවෙනවා. ඒවගේම තමයි කොලොම්බස් විචිටාට යෝජනාවක් ඉදිරිපත් කරන්න ගිහින් වැඩේ අනාගන්නවා. විචිටා මේ කාරණය ගැන ගොඩක් වදවෙනවා. ඒ නිසාම එයාලා එහෙන් පිටවෙනවා කාටවත්ම නොකියා. ඔන්න ඔය යන අතරේ මෙයාලට තව කෙනෙක් හම්බවෙනවා. ඔහුගෙ නම බර්ක්ලි. ලිටල් රොක්ගෙ වයසේම කෙනෙක්. හැබැයි මොහු වෙනස්. ඔහු සාමකාමී කෙනෙක්. ඒ කියන්නෙ සොම්බිලාව මරණ්නේ කරන්නෙ නැහැ. කාටවත් කරදරයක් නොවෙන්න ජිවත් වෙනවා රහසෙ. ඉතින් ලිටල් රොක් කරන්නෙ මෙයා එක්ක පැනල යන එක. ඒ වැඩේ නිසා විචිටාට ආයෙ ධවල මන්දිරයට එන්න සිද්ධ වෙනවා. එතකොට ටැලහෑසිගෙ වගේම කොලොම්බස්ගෙ හිත කැඩිලා ගිහින් තියෙන්නෙ. ඉතින් ටලහෑසි ලිටල් රොක්ට ගොඩක් ආදරේ නිසාම එයාව හොයාගන්න වැඩේට උදව් කරනවා. හැබැයි ඒක ලේසි වෙන්නෙ නැහැ. මොකද කිව්වොත් සොම්බිලා පරිණාමය වෙලා ගිහින් තියෙනවා. ඒකට හේතුව කවුරුත්ම දන්නෙ නැහැ. ඉතින් මෙවැනි තැනකදී මෙයාලට ලිටල් රොක්ව ආරක්ෂා කරගන්න හැකියාවක් ලැබෙයිද? එහෙනම් අවසානය වෙනකම් නරඹන්නකො.

එහෙනම් හැමෝටම සුබ නව වසරක් වේවා කියා පාර්ථනා කරනවා!!

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 880MB |

| Bluray | x264 | 1080p | 1.6GB |

Direct Download

| Bluray | x264 | 480p | 500MB |

| Bluray | x264 | 720p | 880MB |

| Bluray | x264 | 1080p | 1.6GB |

x265

| Bluray | x265 | 720p | 470MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Zombieland: Double Tap (2019) | දස වසරකට පසු සොම්බිලන්තය…

  • January 1, 2020 at 20:47
    Permalink

    Happy new year to all of you.
    Great job.Good luck.

    Reply
  • January 2, 2020 at 07:16
    Permalink

    mona film ekakwth overdrive eken download karanna be 404 not found wetenawa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!