Doctor Sleep (2019) | අන්ධකාරයට එරෙහිව ආලෝකයේ සටන..! 18+

ආයුබෝ වේවා..!

2020 අලුත් අවුරුද්ද හැම කෙනෙකුටම සුබ වේවා..! ජය වේවා..!සෞභාග්‍යමත් වේවා..! ✌️💪

ඔන්න ඉතිං 2020 මගේ පළවෙනි උපසිරැසිය බයිස්කෝප් ඔබ වෙනුවෙන් අරගෙන ආව. Stephen King කිව්වම කවුද නොදන්නෙ නේද? ඔව් ඔව් ලෝකයේ ජනප්‍රියම චිත්‍රපටය The Shawshank Redemption (1994) නිර්මාණය වෙන්නෙ මෙතුමාගේ ඔළුවෙන් තමයි. ඊට පස්සෙ It (2017), It Chapter Two (2019), The Mist (2007), Dreamcatcher (2003),  Secret Window (2004), 1408 (2007), Sleepwalkers (1992), The Dark Tower (2017),  Gerald’s Game (2017), 1922 (2017), Cell (2016), Riding the Bullet (2004), In the tall Grass (2019), A Good Marriage (2014), Big Driver (2014), Mercy (2014), Pet Sematary (2019) මෙකී නොකී ලෝකය වසඟ කළ නිර්මාණ වල සැබෑ හිමිකරුවා තමයි ඔහු. ඉතිං මේ තමයි ඔහුගේ පරිකල්පන අලලා නිර්මාණය වුණු අලුත්ම සිනමා කෘතිය, Doctor Sleep (2019). 

2019 නොවැම්බර් මාසෙ 8 වෙනිදා තිරගත වුණු මේ සිනමා පටයට, IMDb මීටරයේ 7.5/10ක ප්‍රේක්ෂක මනාපයක් සටහන් වුණේ මනාප 46500+ ප්‍රේක්ෂක මනාප සටහන් කර ගනිමින්. පැය 2 විනාඩි 26ක් පුරාවට දිවෙන මේ සිනමාපටය Drama | Fantacy | Horror |  Thriller ගණයට වර්ගීකරණය කරල තියෙනව. Hunting of the Hill House, Gerald’s Game, Hush වගේ නිර්මාණ අධ්‍යක්ෂණය කරපු Mike Flanagan තමයි මේ සිනමා පටයත් අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. සිනමාවට පිදෙන සම්මාන ප්‍රදානයන් 16කට නිර්දේශ වුණු, ඉන් 4ක් ජයග්‍රහණය කරපු චිත්‍රපටයක් විදියටත් මේක හඳුන්වා දෙන්න පුළුවන්. Horrorfest සම්මාන උළෙලේ, Best Feature Film, Best Actor, Best Director, Best Screenpaly සම්මාන ලබාගන්න මේ චිත්‍රපටය සමත් වුණා.

එහෙනම් පොඩ්ඩක් බලමු මොකද්ද මේ කතාව ඇතුළෙ වෙන්නෙ කියල. ඩෑන් කියන්නෙ යම් ආකාරයක අධි මානුෂීය හැකියාවක් තියෙන දරුවෙක්. ඒ නිසාම ඩෑන් පස්සෙන් භූත බලවේග නිතර එනව. මේ බලවේග ඔක්කොම එන්නෙ එක තැනකින්, ඕවර්ලුක් කියන හොටෙල් එකෙන්. ඩෑන්ට ඕවර්ලුක් හොටෙල් එක එක්ක ලොකු සම්බන්ධයක් තියෙනව. ඒක මොකද්ද කියල චිත්‍රපටය අවසානෙ බලාගන්න පුළුවන් වෙයි. මේ අතරෙ තව පිරිසක් ඉන්නව මිනිස්සු වගේ, හැබැයි මිනිස්සු නොවන ආදිතම මනුෂ්‍ය විශේෂයක්. මේ අය ජීවත් වෙන්නෙ ඩෑන් වගේ විශේෂ හැකියා තියෙන අයගෙන් පිටවෙන “හුමාලය” කියන දේ ආහරයට අරගෙන. මේ හුමාලය පිටවෙන්නෙ බය සහ වේදනාව ඇති වුණාම. ඉතිං මේ ආදිතම මනුෂ්‍යයන්, මේ හුමාලය ලබා ගන්න හරිම බිහිසුණු දේවල් කරනව. ඒකත් පුංචි ළමයින්ට. මේ අතරෙ තමයි මේ ආදිතම මනුෂ්‍යයන්ට ඇබ්‍රා කියන පුංචි ගෑණු ළමය ගැන ඉව වැටෙන්නෙ. ඔන්න එතනින් තමයි මේ කතාව වෙනස් වෙන්නෙ.ඇබ්‍රා සහ වැඩිමහළු වියට පත් වුණු ඩෑන් මේ අන්ධකාරය එක්ක සටන් කරන්නෙ කොහොමද? ඒ වෙනුවෙන් කැප කරන්න වෙන්නෙ මොනවද? අවසානය වෙනකල් එක හුස්මට බලන්න පුළුවන් මේ සිනමාපටයත් ඔයාලගෙ Watch list එකට එකතු කර ගන්න. ඒ වගේම මතක් කරන්න ඕනෙ, මට මේ චිත්‍රපටය ලබා දුන්නෙ අපේ හසන්ත වික්‍රමරත්න අයිය. හසායියටත් ගොඩක් ස්තූතියි මට මේක ලබා දීම වෙනුවෙන්. එහෙනම් ආයෙත් හමුවෙනතෙක් ජය වේවා..!

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HC-HDRip | x264 | 720p | 900MB |

| HC-HDRip | x264 | 1080p | 1.6GB |

Direct Download

| HC-HDRip | x264 | 480p | 370MB |

| HC-HDRip | x264 | 720p | 890MB |

| HC-HDRip | x264 | 1080p | 1.6GB |

x265

| HC-HDRip | x265 | 720p | 410MB |

| HC-HDRip | x265 | 1080p | 760MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Doctor Sleep (2019) | අන්ධකාරයට එරෙහිව ආලෝකයේ සටන..! 18+

  • January 1, 2020 at 13:47
    Permalink

    films download karanna bane

    Reply
  • January 1, 2020 at 14:55
    Permalink

    why is it not found. (404)

    Reply
  • January 2, 2020 at 21:13
    Permalink

    Meke den movie download karann bane error ekk enwaa… iye idala

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!