Pichaikkaran (2016) | අම්මා වෙනුවෙන් ඔහු හිගන්නෙක් විය..
මේ ෆිල්ම් එක අද්යක්ෂනය කරල තියෙන්නෙ Sasi. ඒ වගේම ෆිල්ම් එකේ කතාවත් ලියල තියෙන්නෙ Sasi ම තමයි. ඒ වගේම ෆිල්ම් එකේ සංගීත අධ්යක්ෂනය කරල තියෙන්නේ Vijay Antony. එයා තමයි මේ ෆිල්ම් එකේ ප්රධාන නළුව. ඒ වගේම ප්රධාන නිළියනම් ඔයාල වැඩිය දන්නෙ නැතුව ඇති මොකද මේක ඇයගෙ පළමු දමිල චිත්රපටයයි. ඇගේ නම Satna Titus. කිසිම අසාධාරණයක් නැතුව ලස්සනට රගපාල තියෙනව. ඒ වගේම ඔයාල දන්නවත් ඇති Vijay Antony කියන්නේ සංගීත අද්යක්ෂකවරයෙක්.. එයා රගපාපු ෆිල්ම් වලින් “Naan” || “Salim” කියන ෆිල්ම් ගොඩක් ජනප්රිය වුණා. ඒ වගේම එයාගෙ රගපෑමත් විශිෂ්ටයි. තව කිව්වොත් ඔයාල අනිවාර්යයෙන් ඒ කිව්වේ දමිල චිත්රපට බලන රසිකයන් අනිවාර්යයෙන් නැරඹිය යුතු නෑ පොදුවේ හැමෝම නැරඹිය යුතු සුපිරිම ෆිල්ම් එකක් තමයි මේ ෆිල්ම් එක. ඉන්දියාවේ වැඩි දෙනෙක් අතර ගොඩක් කතා වට ලක්වුණු ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදී. 2016 වසරේ ආපු විශිෂ්ටතම නිර්මාණයක්. හරි එහෙනම් මන් කතාවේ මොකද්ද වෙන්නෙ කියල කෙටියෙන් කියන්නම්.
චිත්රපටය ආරම්භ කරන්නේ අරුල් රට ඉදන් එන කොටසකින්. ඉතින් මේ අරුල් සෙල්වකුමාර් කියන්නෙ කෝටිපතිනියක් වන බුවනේෂ්වරීගේ එකම පුතයි. ඉතින් මෙයා යන්නේ එයාගේ කර්මාන්ත ශාලාවේ පැවැත්වෙන උත්සවයකට සහභාගි වෙන්නයි. ඉතින් ඒකට සහභාගි වෙන අපේ අරුල්ට අරුල්ගේ අම්මා කර්මාන්ත ශාලාවේ සියළුම වගකීම් භාර දෙනවා. ඉතින් අරුල් අරුල්ගේ අම්මා එක්ක කර්මාන් ශාලාවෙ ඇවිදන් ඉන්නකොට අම්මගේ අවාසනාවන්ත කමකට අණතුරකට පත් වෙනවා. ඉතින් අම්මව රටේ තියෙන හැම ඉස්පිරිතාලෙකටම අරුල් අරන් යනවා. [පළමුවන සිංදුවෙන් වැටහෙයි.] ඒ වුනත් කිසිම ඵලක් නෑ. අම්මා කෝමා තත්ත්වයෙන් ඉන්න නිසා දිනෙන් දින ඇගේ අන්තිම කාලයට පැමිණිලයි තිබුනෙ. අරුල් අම්මට ගොඩල් ආදරෙයි. ඉතින් ඔය අතරෙ දවසක් අරුල් කල්පනා කර කර ඉන්නකොට සාමි කෙනෙක් කෑ ගහනව ඔතනින් එන්න එන්න කියල. එතනින් ආව ක්ෂණිකයෙන් ගහේ අත්තක් කඩන් වැටෙනවා. ඉතින් සාමි ලගට යන මෙයා අම්මව බේරගන්න මාර්ගයක් සාමිගෙන් අගනවා. ඉතින් සාමි අරුල්ට මාර්ගයක් කියනව. අරුල් ගත කරන සැප පහසු ජීවිතය අත ඇරල තමන් කවුද කියලවත් කියන්නෙ නැතුව, සියළු බලතල පාවිච්චි නොකර දින 48 ක් පුරා හිගන්නෙක් ලෙස ජීවිතය ගත කරන්න කියනවා! ඉතින් අම්මව බේර ගන්න අරුල් මේ අභියෝගය භාරගනීද? අභියෝගය භාරගත්තත් අරුල්ට මොනවගෙ ප්රශ්න වලට මුහුණ දෙන්න වේවිද? පොහොසතෙකුව සිටින අරුල්ට මේ හිගන ජීවිතය ගත කරන්න පුලුවන් වේවිද? ඉතින් ඔය ප්රශ්න වලට උත්තර ෆිල්ම් එක බලලම දැන ගන්න යාළුවනේ.
Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDRip | x264 | SD | 725MB |
MEGA ලින්ක් භාවිතා කිරීමට නම් මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..
Direct Download
| HDRip | x264 | SD | 400MB |
| HDRip | x264 | SD | 630MB |
Supiriyak saho amma amma amma hema damath amma 3 parak eduwa supiriyak thanks
Mata me film aka download kara gnna bane log wenna denneth naha user name waradi kiyanawa plz help denna