Rambo: Last Blood (2019) | පුරාවෘත්තයක නික්මයෑම… (18+) [EXTENDED Bluray Updates]
මෙම රැම්බෝ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භයේදීම Sylvester Stallone විසින් ප්‍රකාශ කර තිබුණා මෙම පස්වෙනි රැම්බෝ චිත්‍රපටයත් සමගින් රැම්බෝ චිත්‍රපට මාළාව අවසාන වන බවට. නමුත්, 2019 Cannes චිත්‍රපට උළෙලේදී Sylvester Stallone විසින් නැවතත් ප්‍රකාශ කර තිබුණා, මෙම පස්වෙනි රැම්බෝ චිත්‍රපටය සාර්ථක වුවහොත්, හයවෙනි රැම්බෝ චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වීමට තමන් කැමැත්තෙන් පසුවන බවට. නමුත්, අවාසනාවකට මෙම පස්වෙනි රැම්බෝ චිත්‍රපටය ආදායම් අතින් සාර්ථක වෙන්නෙ නම් නැහැ. ඒ නිසා, සීයට අනූනවයක සම්භාවිතාවයක් තියෙනවා, මේ තමයි ජෝන් රැම්බෝ නම් වීරවරයාව සිනමා සිත්තමක් තුලින් ඔබ සැමට දැකබලා ගැනීමට ලැබෙන අවසාන අවස්ථාව.
ඉපදෙන හැම කෙනෙක්ම මැරෙනවා! මේ ලෝ තලයේ කිසිම දෙයක් ස්ථීර නැහැ! හැමදෙයක්ම කවදාහරි දවසක විනාශ වෙලා, නැතිවෙලා යනවාම තමයි. මේ තමයි ලෝක නියමය! මේ තමයි ලොක ස්භාවය! මේ ලෝක නියමයට පිටින්, මේ ලෝක ස්භාවයට පිටින් යන්න කිසිම ජගතෙකුට බැහැ. මීට අවුරුදු කීපයකට කලින් ඉඳපු අපි නෙමෙයි මේ වෙද්දි ඉන්නෙ. අපි හැමෝම අපිටත් නොදැනීම අපේ අවසානයට පියවරින් පියවර ලඟා වෙනවා. අපිත් එක්කම අපේ වටපිටාවෙ ඉන්න අය, අපේ වටපිටාවෙ තියෙන දේවල්, මේ හැමදෙයක්ම අපිටත් නොදැනීම සිය අවසානය කරා ලඟා වෙනවා. සිනමා ලෝලියෙක්ට නම්, තමන්ගේ ළමා කාලයේ / තරුණ කාලයේ සිනමා තරුවක් / සිනමා වීරවරයෙක් සිය චරිතයෙන් නික්ම යනවා දැකීම තරම් තවත් දුකක් තියෙන්න බැහැ. ඔබට මා අමුතුවෙන් මතකයට නගා දෙන්න අවශ්‍ය වෙන එකක් නැහැ, වසර ගණනාවක් රසික සිත් සතන් අමන්දානන්දයට පත් කල වුල්වරින් චරිතය මීට වසර කීපයකට පෙර අප අතරින් සමුගෙන ගියා. ඒ වගේම, මේ වසරේ ඇවෙන්ජර්ස් චිත්‍රපටය තුලින් අයන් මෑන් චරිතය සිය ප්‍රේක්ශකයා හට සමුදුන්නා. අයන් මෑන් චරිතයේ සමුගැනීමෙන් මාස කීපයක් ගත්වෙත්ම මේ සුදානම් වෙන්නෙ රැම්බෝ චරිතයත් ඔබගෙන් සමුගෙන යෑමටයි!
සල්ලි පොදි ගණන් වීසි කරලා, සුපිරි වීරයො ඉන්න චිත්‍රපට ඕනෙතරම් අනාගතයෙදි හැදේවි. එක එක විදියෙ සුපිරි බල තියෙන සුපිරි වීරයො දවසින් දවස අලුතින් කරලියට ඒවි. නමුත්, අයෝමය ශරීරයකින් හෙබි, තනි පුද්ගල හමුදාවක් හා සමාන වන්නාවූ ඒ පුරාවෘත්තයේ අහිමිවයෑම ඒ කිසි ආකරයකින් මැකී නොයාවි. ඒ නිර්භිත මිනිසා, ඒ අසමසම යුධ විරුවා නැවත කිසි දිනෙක ඔබ හමුවට නොපැමිණේවි. එනමුත්, ඔහු ඉතිරිකර ගිය මතකයන් එදත්, අදත්, හෙටත්, සදාකාලිකවම ප්‍රේක්ශක අපගේ මතකයේ රැව් පිළිරැව් නගාවි. එසේනම්, මළ හිරු බැස යන යාමයේ, අවසරයි ඔබගෙන් සමුගෙන යන්න. නිහඬ විරුවාණෙනි, ස්තුතියි අපගේ ළමා කාලය, තරුණ කාලය වර්ණවත් කිරීම වෙනුවෙන්…! ස්තුතියි අප වෙනුවෙන් ඔබ ඉතිරි කර යන්නා වූ ඒ සොඳුරු මතකයන් වෙනුවෙන්…! නැවත අප හමුනොවන බැව් සක්සුදක් සේ දන්නා බැවින්, වේදනාවෙන් මුසපත්වූ හදවතින්, අවසානයේ පතන්නම් මෙලෙසින්…. ඔබට සුභ ගමන්!!!
මරණය රජයන ලෝකයක මං ජීවත් වුණේ.
මං ගෙදර යන්න උත්සාහ කළා.
ඒත්, මට ඇත්තටම යාගන්න බැරි වුණා.
මගේ හිතේ සහ ආත්මයේ කොටසක්…
අතරමං වුණා.
ඒත්, මගේ හදවත තාමත් තියෙන්නෙ…
මං ඉපදුණු තැන…
මෙච්චර කාලෙකට මම දැනගෙන හිටපු එකම පවුල…
අන්තිම වෙනකම්ම මං ආරක්ෂා කරපු තැන…
මෙච්චරක් කාලෙකට මම දැනගෙන හිටපු එකම නිවහනේ.
මං ආදරය කරපු හැම කෙනෙක්ම…
මේ වෙද්දි මට නැතිවෙලා ඉවරයි.
ඒත්, මං දිගටම සටන් කරනවා…
එයාලගෙ මතකයන් ජීවමානව තියාගන්න…
සදහටම!
– ජෝන් රැම්බො –
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
Direct Download
| Bluray | x264 | 720p | 900MB |
| Bluray | x264 | 1080p | 1.6GB |
| Bluray | x265 | 720p | 710MB |
| Bluray | x265 | 720p | 340MB |
| Bluray | x265 | 1080p | 690MB |
patta film eka. 6 weni ekak balaporottu wenawa
Supiri film eka.duka hithenawa habai.adarei rambo
Sub ekata thank you brother
thanks/ shinhala subtitle download wenne ne ne, biscopelk.com
Suprii… thnx for the subtitles
Pluwan nm officer telugu movie eka denwada
thanks ………….
Supiri…
Thanks !!!!!!!!
thanks…….!!!!