Battleship (2012) | මිහිතලය වෙනුවෙන් සටනක්…

හැමෝම ගොඩ කාලෙක ඉඳලා එනකන් බලාගෙන හිටපු බයිස්කෝප් එකේ පිටපතක් ඊයේ නිකුත් වුනා. ඉතින් ආයේ කථා දෙකක් නෑ ෆිල්ම් බලන ගොඩාක් අය මේ චිත්‍රපටය බලන්න ආසවෙන් හිටියේ. ඉතිං ඒ නිසාම පුළුවන් ඉක්මනින් ඔයාල වෙනුවෙන් උපසිරැසි ගැන්වූවා. ත්‍රාසයෙන් කුතුහලයෙන් බලන්න පුළුවන් සිනමා නිර්මාණයක්. මෙම උපසිරැසි සකස් කිරීමේදී විකියා සොයුරා ලබා දුන් සහයෝගය ගෞරවයෙන් සිහිපත් කරනවා.

කථාව ගැන කියන්නම්, එක්තරා තරණයෙකුට අවහලකදී තරුණියක් මුණගැහෙනවා. ඔහුට එම තරුණියට සිත යනවා. කෙසේ හෝ ඇය වෙනුවෙන් ඔහු වෙළඳ සැලකට පැන සොරකමක් ද කරනවා. මේ තරුණයා දක්ෂ නාවික සෙබලෙකුගේ සහෝදරයකු වන අතර එම තරුණිය නාවික හමුදා ප්‍රධානියකුගේ දියණියක්. මේ හමුවීමෙන් මෙම කථාව ආරම්භ වෙනවා. කෙසේ හෝ ඔවුන්ගේ ආදර කථාව අතර එක්තරා විශේෂිත සිද්ධියක් වෙනවා. ඒ පෘතුවියේ විවිධ ස්ථානවලට අත්භූත යානාවල කොටස් කඩා වැටීමක්. ආසියව ඇතුලු ලෝකයේ විවිධ ස්ථානවලට එම කොටස් කඩා වැටීමෙන් පිපිරියාම් ඇතිවනවා. මේවා පිටසක්වල යානාවල කොටස්දැයි සැකයක් පවතිනවා. මේ අතර නාවික සෙබලුන් පිරිසක් පුහුණුවක් සඳහා නැව් රාශියකින් මහ සාගරයේ ගමන් කරන අතර තුර ඔවුන්ට යමක් මුණ ගැසෙනවා. ඒ කුමක්ද…. එම මුණගැසීමත් සමග කථාව ත්‍රාසයෙන් කුතුහලයෙන් පිරීයනවා. ඔන්න ඔය තේමාව යටතේ කථාව දිග හැරෙනවා… .

අන්තර් ජාතික චිත්‍රපට දර්ශකයේ 6.2/10 අගයක් ලබා ගෙන ඇති අතර පසුගිය දවස් වල ලෝකයේ හැමෝගෙම අවධානයට ලක්වුන ජෝන් කාටර් චිත්‍රපටයේ ජොන් කාටර් චරිතයට පණ පොවපු Taylor Kitsch නැමති සුපිරි නළුවා මෙහි ද ප්‍රධාන චරිතය රඟපානවා. ඊට අමතරව සුපිරි ගායිකා Rihanna සහ True Blood රූපවාහිනී කථාමාලාවේ රංඟනයෙන් දායක වූ Alexander Skarsgård ද මෙහි රඟපානවා. තවත් ඔබ හොඳින් දන්නා කියන Liam Neeson ද රංගයෙන් දායක වන අතර ඔහු මෙහි ප්‍රධාන චරිතය රඟ නොපෑවත් ඔහුගේ දායකත්වයෙන් මෙම නිර්මාණය තවත් සාර්ථක වී තිබෙනවා. තවත් සුපිරි නළු නිලියන් රාශියකගේ දායකත්වයෙන් විශාල වියදමක් දරා මෙය නිර්මාණය කර ඇති අතර අති නවීන තාක්ෂණික ප්‍රයෝග යොදා තිබීම විශේෂයක්. The Kingdom සහ Hancock වැනි ලෝක ප්‍රසිද්දම සිනමා නිර්මාණ වල අධ්‍යක්ෂ Peter Berg විසින් මෙය අධ්‍යක්ෂණය කර තිබෙනවා.ඉතිං වැඩි විස්තර මෙනවටද, දැන්ම බාගත කරගෙන බලන්න..

පුළුවන් අය අදහසක් දාලා යන්න… ඒක ලොකු හයියක්. කමෙන්ට් කලත් නොකලත් හැකි ඉක්මනින් නැවතත් ඔබ වෙනුවෙන් චිත්‍රපටයක් උපසිරැසි සමඟ රැගෙන එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්…..෴
ජය!!!

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 850MB |

| Bluray | x264 | 1080p | 2GB |

Direct Download

| Bluray | x264 | 720p | 850MB |

| Bluray | x264 | 1080p | 2GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Battleship (2012) | මිහිතලය වෙනුවෙන් සටනක්…

  • December 1, 2019 at 20:41
    Permalink

    Hoda copy ekakin balannamay htye bn..wadath ekka amathaka wela…danata 15 wathawakata wada balala athi..eeth aayth download karanawa saththay

    Reply
  • December 2, 2019 at 14:42
    Permalink

    Thnk you..patta..math 3 para baluwe..thnx ayet hode..

    Reply
  • December 3, 2019 at 16:38
    Permalink

    Aladdin 2009 hindi film eka danna puluwnda. Heuwata hambune na

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: checked