Sir AKA Cenerentola in Mumbai (2018) | දුරම දුරයි ඔබ ළඟම ළඟයි..

දහවල් 12 පහුවෙලයි තිබ්බේ
එළියේ හීන් පොද වැස්සක් වැටෙනවා
පුරුදු පාළුව සහ නිස්සද්ද බව නිවස වෙලාගෙන.
ඔහුගේ කාමරේ දොර බාගෙට ඇරලයි තිබුණේ
ඇය ට්‍රේ එකේ තියාගෙන කෑම ගෙනාවා
දොරට තට්ටු කරගෙනම ඇය ඇතුල් වුණා,
‘මහත්තයා, කෑම..’
ඔහු පරිගණකය හකුළුවා පැත්තකින් තබා හිරි ඇරියා
දෑස් විපරමින් නතර උනේ ඈ ගාව
ඈ නිහඬවම කෑම මේසය සකසන්න ගත්තා
ඔහුගේ දෑස් ඈ පිරික්සන්න ගත්තා.
පිලිවෙලින් ඇගේ පපුවත් නිරුවත් ඉඟටිය වෙතත් දිවගියා.
‘කෑම ලෑස්තියි මහත්තයා’, ඈ කීවා
එවෙලේ ඔහුට දැනී තිබුණේ නම්
බඩගින්නට එහා ගිය දෙයක්..
ඔඩු දුවපු අකීකරු හිතුවිලි වලට අවනත වෙලා
ඔහු ඇගේ ගමන් මග හරස් කළා
ඊළඟ මොහොතේ කාමරයේ දොර වැසී ගියා.

උඩ කතන්දරේ බලාපොරොත්තුවෙන් Sir බලන්න යනවා නම් කියන්න තියෙන්නේ, සමාවෙන්න මේ එහෙම කතාවක් නෙමේ. එහෙනම් කොහොම කතාවක්ද කියන ප්‍රශ්නේ ඉතුරු උනා නම් කියන්න තියෙන්නේ, හිත නිවාගෙන යන කවුරුත් බැලිය යුතු අපූරු කතාවක් කියලා. යූටියුබය දිග් විජය කරපු, සිනමා ශාලා පුරවලා උතුරවපු නිර්මාණයක් නම් නෙමේ මේක. හැබැයි ඉන්දියාවේ නිෂ්පාදනයක් උනත් ඉන්දියාවටත් වඩා ජාත්‍යන්තරයේ අවධානය දිනාගත්තු හොඳම චිත්‍රපටියක්. සැකයක් නැහැ ඉන්දියාවෙත් බහුතරයක් මේ චිත්‍රපටිය ගැන මේ වෙනකොටත් නොදන්නවා වෙන්න පුළුවන්. ඔවුන් හොයන සුපිරි නළු නිළියන්, වර්ණවත් පසුතලයන්, “ආතල්’ දර්ශනයන් තිබුණා නම් මේ චිත්‍රපටියත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නරඹන්නට තිබුණා. තවත් උදාහරණ මොකටද, මේ ලිපියේ උඩම ජේදය රස කර කර කියවපු අපේ බහුතරයක් දෙනා මේ පරිච්ඡේදය කියවද්දී බලාපොරොත්තු කඩ කරගෙන ” අපෝ, මේවා බලන්නේ මොකටද?’ කියාගෙන වෙන පිටුවකට ගිහිල්ලත් ඇති. තවමත් කියවන ඔබට ස්තුතියි.ඉතින් ආදරයෙන් පිලිගන්නනවා මේ සිංහල උපසිරැසිය. නැතත් ඉංග්‍රීසි උපසිරැසිය සමඟ හෝ නරඹන ලෙසට ආරාධනා කරනවා. රස විඳින්න මේ අපුරු ආමන්ත්‍රණය. මේ වන විටත් ජාත්‍යන්තර සම්මාන උළෙලවල රැසක ප්‍රදර්ශනය වෙලා හොදම චිත්‍රපටය, හොඳම නිළිය ඇතුළු බරින් වැඩි සම්මාන වලට නිර්දේශ වෙලා, හිමිකම් කියපු Sir ඉදිරියේදී බොහෝ දෙනාගේ අවධානයට ලක් වේවි/ලක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මං නිහඩ වෙන්නම්..

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | 720p | 700MB |

Direct Download

| HDRip | x264 | 720p | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Sir AKA Cenerentola in Mumbai (2018) | දුරම දුරයි ඔබ ළඟම ළඟයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: checked