Kaithi (2019) | කවුද මේ දිල්ලි.? මොනවද කරේ..?
ඔක්තෝම්බර් මාසය ලොවපුරා සිටින හින්දු භක්තිකයින්ට සුවිශේෂිවු මාසයක්.! ඒ ලොවපුරා සිටින හින්දු භක්තිකයින් උත්සවකාරයෙන් සමරන දීපවාලි දිනය ඔක්තෝම්බර් මස යෙදි තිබෙන නිසාවෙන්.! මුලු මහත් මානව සංහතියේම අඳුර නසා ආලෝකය ලබාදෙන යන අර්ථ ගැන්වුන දීපවාලි දිනය ඉන්දීය සිනමාවටද විශේෂ දවසක්ද වෙනවා. ඒ දීපවාලී උත්සවයට සමගාමීව තිරගත කරන්නට යෙදෙන දමිළ සිනමාවේ දැවැත්ත ඝණයේ සිනමාපටයන් නිසාවෙන්.! ඇත්තෙන්ම කියනවා නම් දීපාවාලී දිනයට සමගාමීව සිනමාපට ප්‍රදර්ශනයේදි එක්තරා තරඟකාරී බවක්ද තිබෙන බව කිවයුතුම කරුණක්.! අද අපත් සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන ආවෙත් ඒ වගේ සමස්ථ දමිළ සිනමාවම උඩුයටිකුරු කල තවත් විශේෂිත වූ චිත්‍රපටයකට. ඔක්තෝම්බර් මස 27 වනදා ලොවපුරා තිරගත කර Blockbuster කඩඉම කරා කිසිඳු අසීරුතාවයකින් තොරව ගමන් කල චිත්‍රපටයක් ලෙස KAITHI 2019 හැඳින්විය හැකියි. පොදුවේ ගත්කල නිෂ්පාදන වියදම ඉන්දීය රුපියල් කෝටි 40 ක් වැනි සුළු මුදලක් වැයකරමින් නිර්මාණය කොට දින 25 ක් වැනි කාලසීමාවකදි ලොවපුරා ආදායම ඉන්දීය රුපියල් කෝටි 100 ඉක්මවීමද එයට සාක්ෂියක් ලෙස ඉදිරිපත් කරන්න පුලුවන්.! වියදම සහ ආදායම නිසාවෙන් චිත්‍රපටය බැලියයුතු බව මා නිර්දේශ නොකරන නිසා මෙතැන් පටන් චිත්‍රපටයේ අනෙකුත් තොරතුරු විමසා බලමු.
Lokesh Kanagaraj ගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩගැන්වුන මේ සිනමා නිර්මාණය සඳහා ධනාත්මක විචාරයයන් අගය කිරීම් රැසක් හිමිවුනා. Lokesh Kanagaraj ගේ තුන්වන සිනමා අධ්‍යක්ෂණය වන මෙය දමිළ සිනමාවේ මෙන්ම සමස්ථ ඉන්දියාවම කතා කරන්නට යෙදුන සිනමාපටයක් බවටද පත්වුනා. අති සූක්ෂම තිර රචනය (Screen Play) මෙන්ම චිත්‍රපටයෙ රඟපාන සියලු නළු නිළියන් තම තමන්ගේ චරිතයන් මැනැවින් හඳුනාගෙන ඒ ඒ චරිතයන්ට සරිලන ආකාරයේ හොඳ සාධාරණයක් ඉෂ්ට කිරිමද මේ සිනමාපටයේ සාර්ථක්වයට තුඩුදුන් කරුනු අතර විශේෂම ස්ථානයක් ගනු ලබනවා. පසුබිම් සංගීතය,කලා අධ්‍යක්ෂණය,සටන් අධ්‍යක්ෂණය,ආලෝක කරණය සහ එකි මෙකි නොකි කරුණු රැසක් චිත්‍රපටයට ධනාත්මක ප්‍රතිචාර ලබාගැනීමට මෙන්ම සාර්ථක වීමටද හේතු වුනා.
මෙහෙදි විශේෂයෙන්ම සඳහන් කල යුතු කෙනෙක් නම් මෙහි කතා නායකයා වෙන දමිළ සිනමාවෙ පතාක යෝධයකු බඳුවු කාර්ති සිවකුමාර් පිළිබඳව.! ඇත්තෙන්ම කාර්ති මෙහිදි රඟපානවද නැද්ද යන්න සිනමාපටය නරඹන අතරතුරදි ඔබටත් ගැටලුවක් පැන නඟිනවා නොඅනුමානයි. එතරම්ම ඔහුගේ රංගනය ඉතාමත් තාත්විකයි. Experiment Level රඟපෑම් සඳහා(පර්යේෂණ මට්ටමේ නොහොත් ඒකාකාරී චරිතයන්ගෙන් මිදී) නිතර නිතර යොමුවන කාර්ති සිවකුමාර් මෙවර තම ප්‍රේක්ෂකයින් බලපොරොත්තුවූ පරිදි නමුත් ප්‍රේක්ෂකයන් නොසිතුවිරු ආකාරයේ අත්දැකීමක් ලබාදී තිබෙන වග සිනමාපටය නරඹන විට ඔබටද හැඟීයාවි. බොහො දෙනා ඉන්දීය සිනමාව ගැන කතා කරන විටදි ඉතාමත් උපහාසාත්මකව කතා කරනා දෙයක් වන ක්‍රියාදාම දර්ශණයන්ද මෙහිදි ඉතාමත් තාත්වික ලෙසින් නිර්මාණය කර තිබෙනවා.එහිදීද කාර්ති සිවකුමාර් නොපිරිහෙලා තම වඟකීම ඉටුකරන බව නැවතත් කිවයුතුම දෙයක්.
චිත්‍රපටය ගැන සමාජ ජාලාවන් හි බහුලව හුවමාරු වු ඡායාරූප කිහිපයක්.!
ඉතාමත් උසස් මට්ටමේ කතාවක් අන්තර්ගත KAITHI 2019 සිනමාපටයේ නමෙහි අර්ථය වන්නේ සිරකරුවා යන්නයි. සමාජ ජාල වල මෙන්ම සිනමා විචාරක වෙබ් අඩවි වල පවා බොහෝ ලෙසින් කතා බහට ලක්වුණ චිත්‍රපටයේ සුවිශේෂිතම වු කරුණු කිහිපයක් ගතහොත් No Songs, No Romance, No Heroine, No Dupe (ගීත අඩංඟු නැත,ප්‍රේම ජවනිකා අඩංඟු නැත,ප්‍රධාන නිලියක් නොහොත් කතා නායිකාවක් නැත,දෘෂ්‍ය ප්‍රයෝගයන්ද නැත.) යන දේවල් හඳුන්වන්නට පුලුවන්.! ඒලෙසින් සාම්ප්‍රදායික සිනමා පටයක තිබෙන දේවල් වලින් තොර වුවද KAITHI 2019 සිය ප්‍රේක්ෂකයාට අවසානය දක්වා කුතුහලයෙන් සහ ත්‍රාස ජනක අත්දැකීමක් ලබාදී ඔවුන්ව කතාවට ඇද බැඳ තබාගෙන ඉතාමත් සංවේදි කරමින් නොදැනීම දෙනෙත් වලට කඳුලක් පවා උපදවමින් ප්‍රේක්ෂකයාව කතාව තුලම ගිල්වා ඇති බව මෙතැනදි අනිවාර්යෙන්ම පැවසිය යුතුම දෙයක්.! කාර්ති සිවකුමාර්ගේ දිල්ලි නම් වූ චරිතය ගැන බොහෝ දෙනා අතර කතා බහට ලක්වුනා වගේම ප්‍රෙක්ෂකයන් විසින් මෙම චිත්‍රපටය ඉතා ආදරයෙන් වැලඳගත් බවද සඳහන් කල යුතු කරුණක් වෙනවා.
නැවතත් මතක් කරන්නම් පෙර දිනයන් වලදි සේම චිත්‍රපටයේ අන්තර්ගත කතාව පිළිබඳව අදත් කිසිවක් ලිවිමට අදහස් කරන්නෙ නෑ. ඒ චිත්‍රපටය හා බැඳුනු තොරතුරු ස්වල්පයක් ඉදිරිපත් කර ඇති නිසා. චිත්‍රපටයේ කතාව මෙතැනදි කියන්නට ගියොත් කිසිම රසයක් විඳින්නට ලැබෙන්නෙ නෑ. කතාවේ අන්තර්ගතය ගැන පුංචි ඉඟියක් පමණක් ලබාදුන්නෙ ඒ නිසාවෙන්.!
Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDRip | x264 | SD | 250MB |
| HDRip | x264 | 720p | 1.4GB |
MEGA ලින්ක් භාවිතා කිරීමට නම් මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..
Direct Download
| HDRip | x264 | SD | 200MB |
| HDRip | x264 | SD | 400MB |
| HDRip | x264 | SD | 700MB |
HD Sizes
| HDRip | x264 | 720p | 620MB |
| HDRip | x264 | 1080p | 1GB |
| HQ HDRip | x264 | 720p | 1.3GB |
Google drive link dennako bn speed ne mewata wada
ඔව් ඔව් දෙනවා දෙනවා. පොඩ්ඩක් ඉවසලා ඉන්න. මේ හදන ගමන්. දවල් 12 වෙන්න කලියෙන් දෙනවා Google Drive / MEGA ලින්ක්..
හදලා තියෙන්නෙ මචං. Google Drive , MEGA
MEGA link eken download karana hati poddak kiyanawada ..download karanna ba ekai
Mega link ඔයාට aul wage nam, Google Drive ලින්ක් Try කරලා බලන්න.. ඔයා Mobile Use කරන කෙනෙක්ද.?? නැත්නම් PC ද.??
MOBILE නම් PlayStore එකට ගිහින් MEGA කියන APP එක මුලින්ම 4N එකට Download කර ගන්න.. ඊට පස්සෙ ඔය මම දීලා තියෙනෙ Link එක Copy කරගෙන, ඔයාගෙ Mega app එකෙන් Open කරගෙන Download දෙන්න පුලුවන් . ලේසී, Speed
මචන් උබලට පාඩු නම් adclick එව්ව ට්කක් දාහන් අපිට අවුලක් නැ එත් දෙද්දි mega හරි google drive හරි දෙන්න userdrive ස්ලො බ්න්
http://www.1TamilMV.com – KAITHI (2019) Tamil Proper .mkv
Me copy 1 ta sub wada nane bn.
Ela Broooooo
Dena Okkoma Film Mega Link Dennako..User Drive ekanam Wedanawak..Mobitel 4G walin Mega Link 4Mb adinawa Arawanam.melo rahak ne
ඔව්, Uparima උත්සාහ කරනවා ඒකට. ටිකක් වෙලාව නම් යනවා. ඒත් කොහොම හරි අලුතෙන් එන Films දෙන්න බලනවා Google Drive, MEGA වලින්.
රාම් පොත්තිනෙයිගේ pandaga chesko (2015), kandireega (2011 ) ෆිල්ම් වලට සිංහල උපසිරැසි දෙන්නකෝ,(බයිස්කෝප් උපසිරැසි නිර්මාණ කරැවන්ගෙන් කරන කාරැණික ඉල්ලීමක් )
Me wage dena hama film ekkma Google drive,mega walinuth dennko userdrive patta slow please
Google Drive , Mega link denna puluwan. ඒත් ඒකට හුගක් කාලය, මහන්සිය යනවා.ටිකක් අමාරුයි වැඩේ.. බලමු, අලුතින් එන හැම එකකටම වගේ දෙන්න Try කරනවා.
thama bigil movie eka awe nadda
KAITHI (2019) Tamil Proper HDRip – 720p – x264 – DD5.1 – 1.4GB – ESub – MovCr
mekata sub eka weda karana widihata hadala denna puluwanda
Baiscopedownloads eken film eka gaththe. Eke proper hdrip eka… Me sub eka delay ekak thinawane.. Eka hadala dennako.