Scooby-Doo and Guess Who? [S01 : E09] | මෙහෙමත් කෑමක්..

ඔන්න එහෙනම් අදත් සුපුරුදු පරිදි සාදරයෙන් පිලිගන්නවා හැමදෙනාවම Scooby Doo and Guess Who කතාමාලාවෙ පලමු කතා මාලාවෙ නවවැනි කතාංගය සඳහා. අවන්හලක් වටේ තමා අද කතාව ගොඩනැගෙන්නෙ.

මේ කතාව අනුව ඩොක් ටැලී කියන අවන්හල් ව්‍යාපාරය පරම්පාරාගානක් තිස්සෙ කරගෙන යන ව්‍යාපාරයක්. මේක කරගෙන යන්නෙ සහෝදරයන් දෙදෙනෙක්. මේ දවස්වල මේ අවන්හල දුවන්නෙ පාඩු පිට. කොටින්ම කියනවානම් මේ දවස් වල මෙයාලගෙ බිස්නස් බැහැලා තියෙන්නෙ. ඉතින් ඒ නිසා මේ අවන්හලේ හිමිකරුවන් තරඟයක් සංවිධානය කරනවා. ඒක එක්තරා ආකාරයක ධාවන තරඟයක්. මේක පෙර නොවූ විරූ ආකාරයේ අමුතු තරඟාවලියක්. මෙයාලගෙ ව්‍යාපාරයට අයත් ධාවන පථයේ මෝටර් රථය පදවලා ධාවන පථය අවසානයේ තියෙන අවන්‍හලේ එක් එක් තරඟකරුවාට තියෙන බර්ගර් ටික කාලා නැවතත් තරඟ ආරම්බ කරපු ස්ථානයට එන්න ඕනෙ. මුලින්ම ආපු කෙනා තමා දිනන්නෙ.මේ තරඟය බඩජාරියන්ටම වෙන් වුනු තරඟයක්. මම හිතන්නෙ දැන් මේ තරඟයට සහභාගි වෙන්නෙ කවුරු වෙන්න ඇතිද කියලා ඔයාලා හිතාගන්න ඇති. ඔයාලා හිතුවා හරි. ඒ ඩබල තමයි. මේ තරඟයට සහභාගී වෙන්න ජිම් ගැෆිගන් කියලා තැනැත්තෙක් එනවා. එයා තමා අද කතාවෙ ආගන්තුක චරිතය. එයාත අර දෙන්නට නොදෙවෙනි නොම්මර එකේ බඩජාරියෙක්. මම මෙච්චර කල් මේ කතාව බලනකන් හිතාගෙන හිටියෙ මේ දෙන්නට වැඩිය කෑම පෙරේතයො කොහෙවත් නැතුව ඇති කියලා. ඒත අද ඉන්න ආගන්තුක චරිතයත් මේ දෙන්නට නොදෙවෙනි නොම්මර එකේ බඩජාරියෙක්. එයාගෙ බඩජාරිකම එක්ක ස්කූබිටයි, ෂගීටයි හැරෙන්නවත් බෑ කියලා මට හිතෙනවා. ඉතින් මේ තරඟය කඩා කප්පල් කරන්න තමා අද අමුතු වාමනයෙක් වාගෙ යකෙක් පාත් වෙන්නෙ. එයා අවුරුදු ගානකට කලින් මේ තරඟාවලියට තරඟ කරලා එකෙදි සිදු වුණු අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණු තරඟකරුවෙක්. ඉතින් මම ඊට වඩා කතාව ගැන කියන්න යන්නෙ නෑ.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 3.3GB | Complete S01|


Direct Download

| WEB | x264 | 720p | 300MB |

| WEB | x264 | 720p | 3.4GB | Complete S01|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!