Guna 369 (2019) | පෙම්වතිය වෙනුවෙන් කල වැලැක්විය නොහැකි වියරු පලිගැනීම!

සුභ දවසක්, ඔන්න අදත් අලුත් තෙලිඟු ෆිලුමක් අරගෙනයි ඇවිත් ඉන්නෙ. ලැබුනු කෙටි නිවාඩුවෙ උපසිරැසියක් කරොත් හොදයි කියල හිතුව. ඉතින් අද අරගෙන ඇවිත් තියෙන්නෙ අනෙක් තෙලිගු ෆිල්ම් වල වගේ එකම විදිහෙ අවසානයක් තියන චිත්‍රපටයක් නම් නෙවෙයි. ඉතින් මුලින්ම කියන්න ඕන සාම්ප්‍රදායික තෙලිඟු සංස්කෘතියෙන් මිදිල වෙනස්ම අරුතක් එක්ක දුක්බර අවසානයක් තියන ෆිලුමක් මේක.

≡අපේ පලමු හුස්මෙන් අපිට ජීවය ලබාදෙනව,
අවසාන හුස්මෙන් මරනය ලඟා වෙනව.≡
≡මේ දෙක අතරෙ,≡
≡හොදක් වුනත් නරකක් වුනත්,
අපි ඒකට කියන්නෙ ජීවිතේ කියල.≡
≡අපේ වැරදි නිසා අපේ ජීවිත විනාශ වෙන්න පුලුවන්.≡
≡ ඒත් අනිත් අයගෙ ජීවිත වලට ඒ නිසා,
කිසිම හානියක් වෙන්න දෙන්න හොද නැහැ.≡

ඔයාල හැමෝටම මතක ඇති පසුගිය අවුරුද්දෙ ආව Rx 100 චිත්‍රපටයෙන් තාත්වික රංඟනයක යෙදුනු Kartikeya. ඔහුගෙ තවත් චිත්‍රපටයක් තමයි Hippi කියන්නෙ. ඉතින් වෙනස්ම මානයක චිත්‍රපට කිහිපයක් තමයි ඔහුගෙ ලයිස්තුවෙ අපට දක්නට ලැබෙන්නෙ. ඉතින් මේකත් ඒ වගේ වෙනස්ම ආරක ගලාගෙන යන චිත්‍රපටයක් කිව්වොත් නිවැරදීයි. ඔහුත් සමග ප්‍රධාන නිළිය ලෙස රංඟනයට දායක වෙන්නෙ Anagha Maruthora. මම නම් හිතන්නෙ මොවුන් දෙදෙනා මෙම චිත්‍රපටයට සධාරණයක් කරල තියනව කියලයි.

≡සන්සුන්ව තියන ජීවිතේට, පලිගැනීම කොටසක් විදිහට ආවොත්…≡
≡එහි ප්‍රථිපලය මරනයටත් වඩා භයානක වෙන්න පුලුවන්.≡
≡මොකද, අපි කරන වැරදි නිසා
අනිත් අයට වැරැදි දෙයක් වෙන්න නරකයි.≡
≡එහෙම වුනොත්, ඒක අත්වැරැද්දක් නෙවෙයි.≡
≡ඒක අපරාධයක්.≡
≡අත්වැරැද්දට සමාව දෙන්න පුලුවන්…≡
≡ඒත් අපරාධයට දඩුවම් දෙන්නම වෙනව.≡

මොනදේ වුනත් ලඟින්ම ඉඳගෙන උදව් උපකාර කරන යාළුවම අපිට නරකක් කරයි කියල සැක කරන්නෙ කොහොමද? මොකද ඒ යාලුවම තමයි අපේ කරදරයකදි දුකකදි අපේ ලඟින් ඉන්නෙ. ඉතින් ඔන්න ඔය හේතුව නිසා අපි යාලුවො ගැන සැක කරන්නෙ නැහැ. කවදාවත් එයාල අපිව පාවල දෙයි කියලවත්, එහෙමත් නැත්තම් අපි රවට්ටයි කියලවත්. ගුනා තමන්ගෙ දෙමව්පියන්ගෙ ආදරේ මැද්දෙ හැදුනු වැඩුනු කොල්ලෙක්. විශේෂයෙන්ම තාත්තගෙ. ඒ වගේම තමයි එයාට එයා ජීවත් වෙන පලාතෙත් පිලිගැනීමක් තියනව. හැමෝටම වගේ මෙයාගෙ තාත්තටත් තියන එකම පැතුම තමයි ගුනා ඉගෙන ගෙන උපාධියක් ගන්න එක. ගුනා රස්සාවක් කරන ගමන් ඉගෙනගන්න එකත් කරනව. ඉතින් ඔහොම දවසක උපාධිය ගන්න අවසාන විභාගයට මුහුනදෙන්න යන දවසෙ තමයි හදිස්සියෙම වගේ මෙයාට ගීතව මුනගැහෙන්නෙ. ඉතින් ගීතව කැමති කරවගන්න ගුනාගෙ යාලුව බට්ටුත් උදව් කරනව. අවසානෙ කැමති වුනයි කියමුකො. ගුනාගෙ නංගිට විවාහ වෙන්න කියල මණමාලයෙක්ව තෝරනව එයින් කෙනෙක් තමයි ශශී කියන්නෙ. පලාතෙ ඉන්න දාර මැරයෙක් තමයි ගද්දල ගුන්ට රාධා කියන්නෙ(නමෙත් එහෙම පාටක් පේනව නේද?😊). ඔය ශශී කියන හාදය ඔය කියන මැරයත් එක්ක පටලැවිල්ලක් දාගන්නව. ඉතින් මෙතනදි ඔය අවුලෙන් ගැලවෙන්න ගුනා තමයි උදව් කරන්න හදන්නෙ. කතාව ගැනනම් විස්තර කරන්න පුලුවන් මෙච්චරයි.

චිත්‍රපටයෙ අධ්‍යක්ෂකවරුන්ගෙ, නලු නිලියන්ගෙ විස්තරාත්මක තොරතුරු ටික පහලින් තියනව.

Directed by – Arjun Jandyala
Produced by – Anil Kadiyala, Tirumal Reddy
Written by – Arjun Jandyala
Starring – Kartikeya Gummakonda, Anagha
Music by – Chaitan Bharadwaj
IMD – 6.9

අපි ආශ්‍රය කරන පුද්ගලයන්ව ඇතුලාන්තයෙන්ම හදුනාගන්න පුලුවන්නම් මේ ලෝකෙ කොයිතරම් ලස්සන තැනක් වේවිද? ඉතින් තවත් මෙවන් උපසිරැසියකින් හමුවන තුරු ඔබ සැමට…

ජය ශ්‍රී!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | Proper | 420MB | 

| HDRip | x264 | 720p | 1.5GB | 

Direct Download

| HDRip | x264 | Proper | 220MB | 

| HDRip | x264 | Proper | 420MB | 

| HDRip | x264 | Proper | 692MB |

| HDRip | x264 | 720p | 1.5GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Guna 369 (2019) | පෙම්වතිය වෙනුවෙන් කල වැලැක්විය නොහැකි වියරු පලිගැනීම!

  • November 18, 2019 at 03:13
    Permalink

    දෙකයි පනහේ වැඩ කරන්නේ බයිස්කෝප් එකේ උන්. කියන්නේ නිකන් කරනවා කියලා හම්බ කරන්න අරමුනක් නැ කියලා. එහෙනම් මොන මගුලටද දාන ලින්ක් එකේ ඇඩ් 50 ක් විතර දාන්නේ. ෆිල්ම් එකක් ගන්න ගියාම එක දිගට පොප් අප් 22 ක් ඔන් උනා. එත් ඩවුන්ලෝඩ් කරන්න ලැබුනේ නැ. අයිපි එකට ඉලග පැය විසි හතර වෙනකන් ඩවුන්ලෝඩ් කරන්න බැ කියලා මැසේජ් එකක් එනවා. මෙතන ප්‍රදාන අරමුන හමබ කිරීම විතරයි . ෆිල්ම් එක ගත්තත් නැතත් ඇඩ් ටික ක්ලික් කරානම් එච්චරයි නේද . යකෝ මීට වඩා ලාබයි cd එකක් රුපියල් 50 ක් දිලා ගේන එක. මේකෙන් ඩේටා ටිකයි කාලයයි දෙකම ඉවර වෙනවා විතරයි. අදින් පස්සේ මම බයිස්කෝප් කියල මල ජරා වෙබ් සයිට් වලට නිකමටවත් එන්නේ නැ. වංචාකාරයෝ

    Reply
    • November 20, 2019 at 13:19
      Permalink

      baiscope eke sub dena eka karanne torrent site wala sub ekata hariyana film eka thyenawa mn godak download kranne torrent. katawath baninna epa un mahansiwela sub eka hadala dena eka ita wada watinawa. eka therenne nathi un 50k dila cd ganna eka godak hodai. : )

      Reply
  • November 21, 2019 at 15:04
    Permalink

    .uba giya kiyla biscope ekata paduwak wenne naha.baiscope eka nahtham lankwe un kohenda film walata sub ganne.bisecope download eke thiyena film samahara welawata wena site eewage direct dwnload denneth naha.awurudu 5k withara baiscopeekath ekka inne .mata ehema awulak awillama na.ubata ehema awulak enna aththe +18 video balala e tab eka close karanne nathuwa inna hinda wenna athi.nikan dena de aragen eekatah banala yana ubala wage un nisa thama ratatath kela wenne.

    Reply
  • November 21, 2019 at 15:06
    Permalink

    kaden cd gaththath eewageth 95%k thienne baiscope eke sub eewai film eewai.

    Reply
  • November 28, 2019 at 14:14
    Permalink

    nikan dena ashwayage dath ganan karanne nathuwa palayan bn

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: checked