Asuran (2019) | රාක්ෂයකුගේ නැගීසිටිම

මේ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ මුල් සතිය සමස්ත ඉන්දියානු සිනමාවටම විශේෂ සතියක් උනා. ඒ ඔක්තෝබර් දෙවෙනිදා ඉතාමත් දැවැන්ත සිනමා  නිර්මාණ කීපයක් තිරගත කරන්නට යෙදුන නිසා. නම් වශයෙන් කීවොත් Syra Narasimha Reddy 2019 සහ War 2019 එම චිත්‍රපටයන් හි නම් වලින්ම ඔබට අනුමාන කරගන්න පුලුවන්  එම නිර්මාණ වල තිබෙන දැවැන්ත භාවය කොහොමද යන්න. Syra Narasimha Reddy 2019 තෙලඟු චිත්‍රපටයක් War 2019 හිංදි චිත්‍රපටයක් .! ඔබත්  සමාජ ⁣ජාලා වෙබ් අඩවි පරිහරණය කරන අයෙක් නම් දකින්නට ඇති පසුගිය දිනයන්හි මේ චිත්‍රපටයන් හි අධික නිෂ්පාදන බරපැන,භාෂාවන් කිහිපයකට හඬ කවා ප්‍රදේශයන් රැසක ප්‍රදර්ශනය කිරීම,විශාල වශයෙන් සිදුකරන ලද පූර්ව ප්‍රචාරනය,ගීත එලි දැක්වීමේ විශේෂාංග, prerelease event යන ආදිය කරුණු ගැන තොරතුරු හුවමාරු වෙන ආකාරය. ඔක්තෝම්බර් මාසේ 04 වෙනිදා වෙනකොටත් ඒ චිත්‍රපටයන් ද්විත්වයේ උණුසුම කිසිසේත්ම පහව ගොස් තිබුණේ නෑ. Asuran 2019 ත් ඒ දැඩි උණුසුම මැද්දේ තිරගත කිරීම පටන් ගත්ත දකුණු ඉන්දියානු දමිළ චිත්‍රපටයක් .! ලිපිය ආරම්භක අවස්ථාවේදීම චිත්‍රපටයට අදාල සුවිශේෂවු කරුණු කිහිපයක් පහතින් දක්වන්නම්.
  • පූර්ව ප්‍රචාරන කටයුතු වලින් තොරවීම
  • තිරගත කරන දිනට වේලාවට ප්‍රථම දර්ශන වාරයන් නොමැති වීම.(First Day First Show Special )
  • ගීත එදි දැක්වීමක් හෝ pre-release event නොමැති වීම.
  • අඩු නිෂ්පාදන වියදම.
  • Poomani ගේ Vekkai නවකතා පොත ඇසුරින් චිත්‍රපටයේ කතාව නිර්මාණය.
මුලින්ම ලිපියේ දක්වා තිබෙන තොරතුරු අනුව චිත්‍රපටයේ අන්තර්ගතය පිළිබඳව මේ ලිපියෙන් අමුතුවෙන් කතා කල යුතු නෑ වගේම චිත්‍රපටය තුල තිබෙන කතාවද සුළු වශයෙන් හෝ මෙතැනදි කිවයුතු නෑ . අතිදැවැන්ත නිර්මාණයන් දෙකක් මැද්දේ ඉතාමත් සුළු දර්ශන වාරයන් සහ අඩු ප්‍රදේශයන් කිහිපයක තිරගත කල මේ චිත්‍රපටයට කෝටි 100 සීමාව සහ කෝටි 150 සීමාව පසුකර Blockbuster ලේබලය අලවා ගැනීමටත් වැඩි කාලයක් ගතවුනේ නෑ.
කුණු ඉන්දියානු සිනමාවේ රජෙක් බඳු Super Star රජිණි කාන්ත් ගේ බෑණා වන ධනුෂ් ගැන දකුණු ඉන්දියානු මෙන්ම පොදුවේ අනිකුත් ඉන්දීය සිනමා රසිකයින්ද වන ඔබ හොඳින් දන්නා නළුවෙක්.! සාම්ප්‍රදායික මසාලා වර්ගීකරණයේ චිත්‍රපට වලටම පමණක් සීමාවි නොසිට නිතරම පර්යේෂණාත්මක රංගනයේ යෙදෙමින් දැඩි ලෙස කැප කිරිම් සිදුකරමින්  නිරතුරුවම තමන්ගේ රංගන ප්‍රතිභාව ඔපමට්ටම් කරගනිමින් ඉදිරියට යන නළුවෙක් විදියටත් ධනුෂ් ව අපිටමේ අවස්ථාවේදීම හඳුන්වන්න පුලුවන් උදාහරණ ලෙස මෑතකදී තිරගතවුන Vada Chennai චිත්‍රපටය හඳුන්වන්න පුලුවන් Vada Chennai චිත්‍රපටය බලපු අයට අමුතුවෙන් කිවයුතු නෑ . එවගේම අපි මෙතනදි කතාකල යුතුම සුවිශේෂි පුද්ගලයකු වෙන මේ චිත්‍රපටයේ මෙන්ම Vada Chennai චිත්‍රපටයේද අධ්‍යක්ෂකවරයා වෙන වෙට්‍ර්මාරන් පිළිබඳව සඳහන් කලොත් ඔහු දමිළ සිනමා කර්මාන්තයට සිටින විශේෂ ⁣සහ වෙනස් ආරකින් සිනමා නිර්මාණ කරන අධ්‍යක්ෂකවරුන් අතලොස්ස අතරින් ප්‍රමුඛ තැනැත්තෙක්.! Polladavan 2007,Adukalam 2011 සිනමාපටයන් දෙස බැලුවහොත් ධනුෂ්ගේ සහ වෙට්‍ර්මාරන් ගේ සුසංයෝගය ගැන අමුතුවෙන් කිවයුතු නෑ. වෙට්‍ර්මාරන් ගේ දෙවන සිනමා අධ්‍යක්ෂණය වෙන Adukalam 2011 චිත්‍රපටය ඉන්දියානු ජාතික සම්මාන උළෙලේ සම්මානයන් හයක් පවා දිනාගෙන තිබෙනවා. දැනට ලැබී තිබෙන තොරතුරු අනුව මේ චිත්‍රපටය එනම් Asuran 2019 ද ඉන්දියානු ජාතික සම්මාන උ⁣ළෙලට පවා නිර්දේශ වී තිබෙනවා.  තවද මෙහි සෙසු චරිතයන් රඟදක්වන Prakash Raj,Pasupathy ,Manju Warrier සහ දමිළ සිනමාවේ නැගී එන නිළියක වන  Ammu Abirami  ද මෙහි සෙසු චරිතයන් රඟදක්වන අතර ඔවුන් තමන්ගේ චරිතයන් හඳුනාගෙන හොඳින් එය අව‍බෝධ කරගෙන. එම චරිතයන්ට ඔවුන්  හොඳ සාධාරණයක් ඉටුකරමින් රංගනය ඉදිරිපත් කර ඇති බවට අවිවාදයකින් යුතුව කිව යුතු කරුණක්.!
 
එසේ නම් චිත්‍රපටය පිළිබඳව ඇති කරුණු කිහිපයක් එක තැනකට ඇවිත් විස්තර කරලා තියෙනවා. ඉතින් චිත්‍රපටය රසවිඳින කෙනෙක්ට මේ තොරතුරු ප්‍රමාණවත් වේවි. චිත්‍රපටයේ ඇතුලත කතාව ගැන කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.මුලින්ම තවත් චිත්‍රපට දෙකක් ගැන සඳහන් කරේ ඒ චිත්‍රපට හෑල්ලු කරන්නවත් ඒවට වඩා⁣ මේක හොඳයි කියන්නවත් නෙවෙයි. හුදෙක්ම මේ චිත්‍රපටය සාම්ප්‍රදායික චිත්‍රපට කතාන්දරය රැල්ලෙන්  මිදිලා මෙන්ම චිත්‍රපටයක් නිර්මාණය කිරිමේදි හා නිර්මාණයට පසුව සිදුකරන ගොඩක් දේවල් පවා මේ චිත්‍රපටයේ තිබුණේ නෑ. උදාහරණ – ප්‍රචාරක කටයුතු වගේ දේවල්.ඔය කාරනා නිසා තමයි තවත් චිත්‍රපට දෙකක නම් මෙතනට ගාව ගන්න උනේ. එකෙන් කිසිම විදියකින් අදහස් වෙන්නෙ නෑ ඒ චිත්‍රපට වලට වඩා මේක හොඳයි ඒ නිසා මේක බලන්නම ඕන කියන කතාව නම්. එක්තරා විදියක නිර්දේශ කිරිමක් විදියට මේ ලිපිය භාරගෙන චිත්‍රපටය නරඹන්නට ආරාධනා කරමින් අදට සමුගන්නවා.
 
                                                                               ඔබ සැමට කඳසුරිඳු පිහිටයි..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | ESub | 702MB | 

| HDRIP | x264 | 720p | 1.4GB | 

Direct Download

| HDRIP | x264 | ESub | 220MB |

| HDRIP | x264 | ESub | 399MB |

| HDRIP | x264 | ESub | 702MB |

| HDRIP | x264 | 720p | 1.3GB |

x265

| HDRIP | x265 | 720p | 875MB |

| HDRIP | x265 | 1080p | 1.6GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

11 thoughts on “Asuran (2019) | රාක්ෂයකුගේ නැගීසිටිම

  • November 12, 2019 at 10:17
    Permalink

    Downloading denne na

    Reply
  • November 12, 2019 at 19:40
    Permalink

    torrent link not work!!!

    Reply
  • November 12, 2019 at 23:27
    Permalink

    Torrent eka denne naha

    Reply
  • November 14, 2019 at 10:00
    Permalink

    direct link download krnna bane ei e

    Reply
  • November 21, 2019 at 12:30
    Permalink

    hi please upload correct link
    thabks

    Reply
  • November 30, 2019 at 13:18
    Permalink

    hi
    there is a so many comments regarding the wrong download link.. please do the needful.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: checked