Gaddalakonda Ganesh (2019) | සිනමානුගත වූ දුෂ්ඨයා…!!

සිනමාව!
සිනමාව හරියට අහස වගේ.
සිනමාව අවස්ථාවක්.
සිනමාව සතුටක්.
සිනමාව අත්දැකීමක්.
සිනමාව ජයග්‍රහණයක්.
සිනමාව වෙනසක්.
සිනමාව කියන්නේ පත්තු කරපු සිගරට් එකක් වගේ.
සිනමාව කියන්නේ හොර ටිකට් එකක් වගේ.(බ්ලැක් ටිකට්)
සිනමාව කියන්නේ කදුළුක්.
සිනමාව ඇවිල්ලා කාව්‍යක්.
සිනමාව ප්‍රහේලිකාවක්.
සිනමාව කියන්නේ විසිල් එකක්!

සිනමාව… සිනමාවෙන් මොනවද ලෝකයට පෙන්නන්න බැරි.
තාක්ෂණය දියුණු වීමත් සමග සිනමාවෙන් ලෝකයේ හැම අස්සක් මුල්ලක් නෑරම ඉගිලුනා.
අද වෙනකොට මොන තේමාවෙන්ද සිනමා පටයක් නිර්මාණය වෙලා නැත්තේ.
ආදරය, තරහව, ලිංගිකත්වය, ක්‍රියාදාම, සත්ව ලෝකය ගැන පවා සිනමා කාව්‍ය නිර්මාණය වෙලා අවසන්.
අභීයෝගයක් කරන්නද… පුළුවන් නම් හොයලා කියන්න ලෝකයේ මොන තේමාව යටතේද තාම ෆිල්ම් එකක් නිර්මාණය වෙලා නැත්තේ කියල?
බෑ…බෑ… එහෙම හොයන්න බෑ. මොකද අද වෙනකොට පාරේ වැටිලා තියෙන කෙහෙල් ලෙල්ලක් වුනත් අල්ලගෙන…
පැය දෙයක් පුරාවට ෆිල්ම් එකක් කරන්න පුළුවන් අධ්‍යක්ෂ්කරු, තිර රචකයෝ වැහි වැහලා.
එහෙම හැම පැත්තකින්ම සිනමාව පරිපූර්න වෙලා තියෙද්දි,
සිනමාවට මොකද්ද කරන්න පුළුවන් අපෙ ජීව්තේට…
හුගක් දේවල් පුළුවන්… හුගක් දේවල්…
ආදරය කරන හැටි ඉගෙන ගන්න පුළුවන්, කාවහරි මරන හැටි ඉගෙන ගන්න පුළුවන්.
වෛර කරන හැටි, හොරකමක් කරන හැටි ඕන දෙයක් ඕන විදිහට අපිට ෆිල්ම් වලින් ඉගෙන ගන්න පුළුවන්.
ඒ වගේම ජීවිතේට ආදර්ශක් දෙන්න, ජීවිතයම වෙනස් කරන්න පුළුවන් හයියක් සිනමාවට තියෙනවා.
අන්න ඒ හේතුව නිසාමයි…. සිනමාව අද වෙනකොට ලෝකයේ අස්සක් මුල්ලක් නෑර වේගයෙන් ව්‍යාප්ත වෙන්න හේතුවත්.
අන්න ඒ අපි කතා කරන සිනමාව තුලින් කරන්න පුළුවන් කියලා පෙන්නලා දෙන…කතාවක් තමා මේ අරගෙන ආවේ…
Gaddalakonda Ganesh! ඔව්… Gaddalakonda Ganesh!

සිනමාව තුලින් මැරයෙක් වීරයෙක් කල කතාවක් තමයි මේක…
සිනමාව තුලින් මැරයෙක් තුල දයාවක් ගොඩ නංවපු කතාවක් තමයි මේක…
සිනමාව තුලින් මැරයෙක්ට ආදරය යනු කුමක්ද යන්න පෙන්නලා දුන්න කතාවක් තමයි මේක…
සිනමාව තුලින් මැරයෙක්ගේ මුළු ජීවිතයම කණපිට පෙල්ලපු කතාවක් තමා මේක…
සිනමාව තුලින් මැරයෙක්ගේ දුෂ්ඨ චරිතය වීරයෙක් බවට පත් කර කරපු කතාවක් තමා මේක….

ඔබ 21වන ශතවර්ශයේ
හින්දි සිනමාවේ Don, Don 2
දමිල සිනමාවේ Billa, Billa 2
මලයාලම් සිනමාවේ Lucifer, Madhura raja
කන්නඩ සිනමාවේ KGF Chapter 01 සිනමා නැරඹූ අයෙක් නම්…
මැර චරිත ඕන තරම් දැක ඇති….
Gaddalakonda Ganesh ඒ මැර චරිත ගොන්නට තෙලිගු සිනමාවෙන් දායාද කරන
නවතම සිනමා අත්දැකීම බවට පත් වෙන බව නොඅනුමානයි.

එන්න ඉදගන්න පැය තුනක් සිනමා ලෝකයේ සැරිසරන්න.
එන්න ඉදගන්න පැය තුනක් මැරයෙක්ගේ ආදරය ගැන දැනගන්න.
එන්න ඉදගන්න පැය තුනක් මැරයෙක්ගේ ජීවිත කතාව දැනගන්න.
එන්න ඉදගන්න පැය තුනක් මැරයෙක් වීරයෙක් වෙන හැටි දැනගන්න.
කොටින්ම කිව්වොත් එන්න ඉදගන්න සැබෑ ජීවිතේ දුෂ්ඨයෙක් සිනමාවේ වීරයෙක් වෙන හැටි දැනගන්න.

2019 සැප්තැම්බර් මස 20 වෙනි දින තිරගත කිරීම් ආරම්භ කරන ලද Gaddalakonda Ganesh! කෝටි 42කට අධික බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්නවා. IDMb මීටරය 7.2 දක්වා කරකවන්න Action, Thriller ගනයට අයත් Gaddalakonda Ganesh! සිනමා පටයට හැකියාව ලැබුනා.

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත.එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | 720p | 950MB |

| HDRip | x264 | 1080p | 1.5GB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| HDRip | x264 | SD | 250MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 950MB |

| HDRip | x264 | 1080p | 1.5GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: checked