Tito and the Birds (2018) AKA Tito e os Pássaros | භීතියෙන් වෙලාගත් ටිටෝගේ ලෝකය

ඔන්න යාලුවනේ මං ඔයාලට තවත් අලුත් ඇනිමේෂන් එකක් අරගෙන ආවා. ඒකෙ නම තමයි tito and the birds. මේක බ්‍රසීල් ඇනිමේෂන් එකක්. හැබැයි මේක ලෝකය පුරා තිරගත වෙච්ච එකක්. මේක 2018 නිකුත් වුන ඇනිමේෂන් එකක්. මේ වන විට IMDB දර්ශකයේ 6.7 ක අගයක් ලබාගැනීමට සමත්ව තිබෙනවා.

ඉතින් කතාව මෙහෙමයි, ටිටෝ කියන්නෙ කුඩා පිරිමි ළමයෙක්. ටිටෝගේ තාත්තා පක්ෂීන් එහෙමත් නැත්නම් කුරුල්ලන් පිළිබදව පර්යේෂණ සිදු කරන්නා වූ විද්‍යාඥවරයෙක්. ටිටෝගේ තාත්තා පර්යේෂණයක් කරගෙන කුරුල්ලෝ සමග කතාබහ කරන්න යන්ත්‍රයක් නිපදවන්න. දවසක් එක් අනතුරක් නිසා පුංචි ටිටෝට තුවාල වෙනවා. ඉතින් ඒ අවාසනාවන්ත සිද්ධියෙන් පස්සේ ටිටෝගේ තාත්තට සිද්ධ වෙනවා ගේ අතෑරලා දුරකට යන්න. ඉතින් එහෙම යන්න යද්දි පුංචි ටිටෝ පොරොන්දුවක් වෙනවා තාත්තා කුරුල්ලන් ගැන කියූ දේවල් සත්‍ය බව ලෝකයට ඔප්පු කර පෙන්වන්න.

ඉතින් මේ අතරේ ලෝකය පුරාම වසංගතයක් පැතිරිලා යනවා. මේ වසංගතය කෙතරම් ලොකු ව්‍යසනයක් බවට පත්වෙනවද කියනවනම් කිසිදු විද්‍යාඥයෙකුට නොහැකි වෙනවා ඊට ප්‍රති කර්මයක් සොයාගන්න. ඒ තියා මේ වසංගතය ඇති වෙන්න හේතු වූ කාරනාව කුමක්ද යන වගාවත් කිසිවෙක්ට හිතාගන්නවත් බැරි වෙනවා. ඉතින් මේ වසංගතය නිසා මුළු ලෝකෙම භීතියෙන් වෙළිලා ගිහිල්ලා තියෙන මොහොතක්. එකිනෙකා තම ජීවිතය ගැන බියෙන් පසු වෙන අවධියක්. ඉතින් මෙන්න මේ වගේ කාලෙක පුංචි ටිටෝ ලෝකය බේරගන්න ඉදිරිපත් වෙනවා. ඒ තමන්ගෙ පියාගේ කුරුල්ලන් සහ කතා කිරීමේ යන්ත්‍රයේ උදව්වෙන්.

ඉතින් ලෝකය බේරාගැනීමේ මෙහෙයුමට ටිටෝට උදව් වෙන්න යාළුවො කට්ටියක් ඉන්නවා. ඒ අය තමයි සාරා, බුලූ, ටියෝ සහ ට්‍රික්ස් සහෝදරයෝ. ඉතින් මේ පුංචි වීරවරුන්ගේ කණ්ඩායම තමයි ලෝකයේ බිය නැති කරලා ආයෙමත් ලෝකය යථා තත්වයට ගේන මෙහෙයුමට එක් වෙන්නෙ. ඒ වගේම තමයි මේ කතාව නැරඹීමෙන් පසුව ඔබ කුරුල්ලන් ගැන දක්වන මතය සහමුළින්ම වෙනස් වේවි. එහෙනම් ටිටෝගේ භීතියෙන් වෙලාගත් ලෝකයේ සංචාරයක් සදහා ඔබට ආරාධනා කරමින් මා සමුගන්නවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 715MB |

Direct Download

| WEB | x264 | SD | 715MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: checked