Rebel (2012) | කැරලිකරුවා…
සුපිරි තෙලිඟු චිත්‍රපටියක් ඔයාලට ගෙනාවා.. නළුවනම් සුපිරි වැඩ්ඩෙක්. නිලියනම් අපි හැමෝම දන්න Tamanna Bhatia’. තිර රචනය සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුප්‍රසිද්ධ චිත්‍රපටියක් වූ Billa (2007) තිර රචනය කල Lawrence Raghavendra විසිනුයි. ඉන්දියානු රුපියල් කෝටි 5.8ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තියන්නත් මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.. සටන් ජවනිකා වලින් පිරුනු මේ චිත්‍රපටිය එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් චිත්‍රපටියක් කියලා කියන්නත් ඕන. ඒ වගේම කැමතිනම් පවුලේ සැමටම එකට ඉඳගෙන බලන්නත් පුළුවන්..
කතාව ගැන කියනවනම්…. මුලින්ම පෙන්නන්නේ පොලිස් පරීක්ෂක වරයෙකුයි ඔහුගෙ බිරිඳයි අමානුෂික අන්දමින් ඝාතනය කරන සිද්ධියකිනුයි. ඊට පස්සේ පෙන්නන්නේ අපේ ප්‍රධාන නළුවා රිෂී, හයිද්‍රාබාද් වලට එනවා ස්ටීෆන් රොබට් නැමැති මිනීමරුවාව හොයාගෙන.. එහෙම ඇවිත් අර පොලිස් පරීක්ෂකවරයගෙ ගෙදරට ගිහින් ඔහුගෙ දුවගෙන් සහ පුතාගෙන් විමසලා බලනවා මේ ස්ටීෆන් රොබට් කියන්නේ කවුද කියලා.. බැලින්නම් ඒ පොලිස් පරීක්ෂකවරයා අවුරුදු දෙකක් තිස්සේ ස්ටීෆන් රොබට් ගැන හොයලා ලිපි ගොණුවක විස්තර එකතු කරලා තියනවා.. හැබැයි පින්තූරයක් නම් නෑ.. ඒ ලිපිගොණුව බලද්දී තමයි මෙයාට දැනගන්න ලැබෙන්නේ ස්ටීෆන් රොබට් කියන්නේ එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් කියලා..
ඒ ස්ටීෆන් රොබට්ව එක් පුද්ගලයෙක් හැර වෙන කිසිම කෙනෙක් දැකලා නැහැ කියලා තමයි කියන්නේ. එයාලව දකින්න හදන කෙනෙක්ව පණ පිටින් තියන්නෙත් නැහැ. ඉතින් රිෂී මේ ස්ටීෆන් රොබට් ගැන දන්න පුද්ගලයා ගැන හොයලා බලනකොට දැනගන්නවා ඔහුගෙ දුවෙක් බැංකොක් වල නැටුම් ගුරුවරියක් විදිහට කටයුතු කරනවා කියලා.. මෙයා කරන්නේ කොහොමහරි නන්දනී කියන ඒ ගෑනු ලමයව යාළු කරගෙන ඒ මාර්ගයෙන් තාත්තා ගාව විතරක් තියෙන ස්ටීෆන් රොබට් ගැන තොරතුරු ලබා ගන්න උත්සාහ කරන එකයි..
ඔන්න ඔහොමයි කතාවේ මුල ටික. රිෂී ඇයි මේ ස්ටීෆන් රොබට්ව හොයන්නේ? එයාලව මරන්නද? එහෙම නැත්නම් එයාලට කියලා කාව හරි මරවන්නද? කවුද මේ ස්ටීෆන් රොබට් ගැන දන්න එකම පුද්ගලයා.? නන්දනී ඇයි බැංකොක් වල නැටුම් උගන්නන්නේ? රිෂීට නන්දනීව යාළු කර ගන්න පුළුවන් වේවිද? යාළු කර ගත්තත් ස්ටීෆන් රොබට් ගැන තොරතුරු දැනගන්න පුළුවන් වේවිද? වගේ දේවල් චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ.. තවත් සුපිරි නිර්මාණයකින් හමු වෙමු.. ජයවේවා!!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| DVDRip | XviD | SD | 700MB |
MEGA ලින්ක් භාවිතා කිරීමට නම් මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..
Direct Download
Telugu
| HDRip | x264 | SD | 530MB |
| HDRip | x264 | SD | 830MB |
Tamil
| HDRip | x264 | SD | 750MB |
rebel 2 ekat onee
Rebel 2 කියලා එකක් ආවේ නෑ මචෝ. 2017 දී වගේ හින්දි භාෂාවෙන් හඩකවලා Rebel 2 විදියට ආවා. ඒ ආවෙත් 2012 එකමයි.
Download link wada karanne na