Shadaa (2019) | තනිකඩයා

” සමහර මිනිස්සු හිතන්නේ විවාහය කියන්නේ හරිම වේදනාකාරී දෙයක් කියලා…, ඒත් ඒ අය දන්නේ නෑ විවාහය කියන්නේ කොච්චර ලස්සන හැගීමක්ද කියලා. විවාහය කියන්නේ ආත්ම දෙකක එකතු වීමට. සියලු බැදීම් ඇති කරන්නේ දෙවියන්. ඒත් මේ දේ දෙවියෝ අපිට ඉතුරු කරලා දීලා තියෙනවා. ඔහු අපිට අවස්තාවක් දීලා තියෙනවා අපිට ගැලපෙන ජීවන සහකරුවා හොයාගන්න.”

බයිස්කෝප්වාසී සෑම දෙනාටම ආයුබොවන්. මේ තමයි මම කරපු පලවෙනි උපසිරැසිය. ඒකට මම තෝරගත්තේ Shadaa ( The Bachelor / තනිකඩයා) කියන පන්ජාබි භාශාවෙන් නිමැවුන ෆිල්ම් එක. මම හිතන විදිහට Love Punjab වලින් පස්සේ මේ වෙබ් අඩවියේ පලවෙන පලවෙනි පන්ජාබි ෆිල්ම් එක (තව තියෙනවද දන්නේත් නෑ ). ෆිල්ම් එක අයිති වෙන්නේ Romantic Comedy කියන ගණයට. විනාඩි 128ක් පුරාවට දිවෙන මේ ෆිල්ම් එක මුල්ම වරට තිර ගත කලේ මේ අවුරුද්දේ ජූනි 21 වෙනිදා. ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ DIljith Dosanjh සහ Neeru Bajwa. ඔයාල දැනටමත් Pollywood රසිකයො නම් මේ දෙන්නා රගපාන ෆිල්ම් එකක් බලන පළවෙනි වතාව මේක වෙන්න බෑ. Votes 441කින් මේ ෆිල්ම් එකට IMDb අගය 6.5ක් වෙන rating එකක් හම්බ වෙලා තියෙනවා. US ඩොලර් මිලියන 7.6 ක ආදායම් වාර්තාවක් එක්ක මේ ෆිල්ම් එකට පුලුවන් උනා මෙතෙක් release උන පන්ජාබි ෆිල්ම් අතරෙන් ඉහලම ආදායම් ලැබූ ෆිල්ම් අතර දෙවෙනි තැන ලබා ගන්න.

කතාව සිද්ද වෙන්නේ මෙන්න මෙහෙමයි. චඩ්තා කියන්නේ ඡායාරූප ශිල්පියෙක්. මොකක් හරි හේතුවක් හින්දා මෙයාට එන හැම විවාහ යෝජනාවක්ම ප්‍රතික්ශේප වෙනවා. ඒ හින්දා මෙයාට ගමේ අයගෙන් එක එක කතා අහගන්න උණා. ගෙදර අයගෙනුත් කරදරේ ඉක්මනින් විවාහයක් කරගන්න කියලා. ඔය අතරතුරේදි තමයි මෙයාට වංජ්ලී කියන තරුණියව හම්බ වෙන්නේ. චඩ්තාගේ හිතේ වංජ්ලී ගැන ආදරයක් ඇති වෙනවා. ගෙදර අයගේ කරදරෙයි, ගමේ අයගේ ඇණුම් පදයි හින්දා, චඩ්තා කියනවා මාස දෙකක් ඇතුලත විවාහයක් කරගන්නවා කියලා. ඒ වුනාට වංජ්ලී විවාහ වෙන්න කැමති නෑ. චඩ්තාට ඕනේ වෙන්නෙ වංජ්ලිව මේ විවාහයට කැමති කරගන්න. චඩ්තට වංජ්ලිව විවාහයට කැමති කරගන්න පුලුවන් වේවිද? ෆිල්ම් එක බලලම උත්තරේ හොයා ගන්න.

මුලින්ම කිව්වා වගේ මේක මගේ පලවෙනි උපසිරැසිය හින්දා ගොඩක් වැරදි තියෙන්න පුලුවන්. එවා කමෙන්ට් කරන්න. ඒ වගේම මේ උපසිරැසිය පලකරන්න මට අවස්තාව ලබා දුන් ඇඩ්මින් මණ්ඩලයටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.

තවත් උපසිරැසියකින් හමුවෙමු.. ජය වේවා!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | 720p | 1GB | 

Direct Download

| HDRIP | x264 | 720p | 1GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: checked