Capernaum AKA Capharnaüm (2018) | බලන් කඩතුරා හැර දෑසේ…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Shoplifters (2018) හිත නැවතුන තැන” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන සිනමා නිර්මාණ රසවිඳිනකොට හම්බ උන වෙනස්ම විදියේ ලෙබනන් සිනමා නිර්මාණයක් තමයි මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. IMDb දර්ශකයේ 8.4ක් rotten Tomatoes වර්ගීකරනයේ 89%ක් එක්කම ලෝකෙ වටේම සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරලා සම්මාන 22ක් සහ නිර්දේශවීම් 36ක් ලබාගත්තු සුපිරිම ලෙබනන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී වගේම ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේදීත් හොදම විදේශ භාශා චිත්‍රපටය වෙනුවෙන් නිර්දේශ උන පට්ටම ෆිල්ම් එකක්. ඒ වගේම 2018 වසරේදී ප්‍රංශයේ පැවති Cannes සිනමා උළෙලේදී ජූරියේ විශේෂ සම්මානයකින් පිදුම් ලබන්නත් මේ සිනමා නිර්මාණයට හැකි උනා. ඒ විතරක්ම නෙමෙයි Cannes සිනමා උලෙළේදී මේ සිනමා පටයේ මංගල දර්ශන වාරය අවසන් වූවායින් පසුව සංවේදී උන නරඹන්නන් විසින් මිනිත්තු 15ක් පුරාවටම එකදිගට පැවති අත්පොලසන් නාද මාලාවකින් මේ සිනමා සිත්තමට සුබ පතලත් තියෙනවා. දැන් හිතා ගන්න පුලුවන්නෙ මේ කියන්න හදන්නෙ කොහොම ෆිල්ම් එකක් ගැනද කියලා. කෙටියෙම්ම කිව්වොත් ඔබත් මාත් එදිනෙදා දකින ලෝකය තුල වූ නොදකින ලෝකයක් පුරා මිනිත්තු 126ක් පුරාවට ඔබේ දෑස් ඉදිරියේ දිග හැරේවි.

මේ ෆිල්ම් එකේ කතාව ගැන කියන්න උත්සාහ කරන එක මහම මහ බොරු වැඩක්. ඒත් ඉතිං පුලුවන් විදියකට උත්සාහ කරන්න එපැයි. සායින් අල් හජ්, නීතිය ඉදිරියේදී පිහි ඇනුමකට වරදකාරයෙක් වෙලා බාලාපරාධකරුවන් වෙනුවෙන් වූ බන්ධනාගාරගාරයක පස් අවුරුදු සිර දඬුවමක් විදින වයස අවුරුදු 12ක ලෙබනන් දරුවෙක්. සායින් හදිසියේම සජීවී රූපවාහිනී වැඩසටහනකට කෝල් එකක් අරගෙන කියනවා මාව මේ ලෝකෙට බිහි කරපු එක වෙනුවෙන් මට මගේ අම්මටයි තාත්තටයි විරුද්ධව නඩු දාන්න ඕනෙ කියලා. ඒක ටිකක් අප්සට් කතාවක් වගේ දැනුනා නේද?

Capernaum කියන්නෙ මේ ලෝකෙ තවත් එක දරුවෙකුගේ ජීවිත කතාවක් විතරක්ම නෙමෙයි ඔබත් මමත් හැමදාම දකින සුවඳ විලවුන් ගල්වා, සුදු පිරුවට පෙරවූ මේ අසිරිමත් සමාජයේ පාට සලු පිලි උනා දමා එහි ගඳ ගසන නිරුවත ලොවට පෙන්වූ කතාවක්. මේ සිනමා සිත්තම ගැන මම මීට වඩා කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ. මොකද මේ සිනමා සිත්තම නරඹලා මිසක් කියවලා රසවිඳින්න බැරි විදියේ එකක් නිසා. ඒ නිසා හැම කෙනෙක්ටම ආරාධනා කරනවා මේ සිනමා සිත්තම රසවිඳින්න.

තවත් දෙයක් ලෙබනනයේදී පුරා හය මාසයක් පුරාවටම සැබෑ දර්ශනතල මත රූ ගත කල මේ සිනමා සිත්තමේ සංස්කරණය නොකල මුලු දිග පැය 12කට ආසන්නයි. ඊට පස්සෙ කොටස් ඉවත් කරලා පැය 2කට ආසන්න ධාවන කාලයකට මේ ෆිල්ම් එක සංස්කරනය කරගන්න වසර 2කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. දැන් හිතා ගන්න පුලුවන්නෙ ෆිල්ම් එකේ පැය 2ක් තුල අපි දකින කතාවට අමතරව අපි නොදකින කොච්චරක් නං දිග කතාවක් හැංගිලා තියෙනවද කියලා. අන්තිමේදි ඉතිං වාසනාවන්තයෝ නරඹත්වා කියලා තමයි කියන්න තියෙන්නෙ.

” උඹ කවුද යන වග මම දන්නේ නැත….
මම කවුද යන වග උඹ දන්නේත් නැත….
නමුත් උඹත් මාත් එකම ගමනක් දෙවිදියකට ගමන් කරනු ඇත….
මට නොලැබුණු ඒ ජීවිතයත්….
උඹට නොලැබුණු ඒ ජීවිතයත්….
හමුවන තුරු අපි එකටම ගමන් කරමු….
නමුත් අමතක නොකරන්න,
“දුශ්කරයි කියා හැර යා යුතුද ජීවිතය 
කටු කිණිති සිප ගනිමු හෙට මලක් වනු පිණිස….” “

තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව හින්දා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශ භාෂා චිත්‍රපටයට හිමි සම්මානය වෙනුවෙන් නිර්දේශ උන සිනමා සිත්තම් අතුරින් තවමත් සිංහල සබ් එකක් නැත්තෙ “Never Look Away” ෆිල්ම් එකට විතරයි. හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් උන ගමන්ම ඒ ෆිල්ම් එකේ සිංහල උපසිරැසියත් සමගින් නැවත හමු වෙමු. ඒ වගේම සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්. ඔබට ජය…!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  WEB | x264 | 720p | 999MB | MkvCage|

Direct Download  

| WEB | x264 | 480p | 510MB |    

  

| WEB | x264 | x264 | 999MB | MkvCage |   

         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Capernaum AKA Capharnaüm (2018) | බලන් කඩතුරා හැර දෑසේ…

  • April 24, 2019 at 09:52
    Permalink

    Ela..ela… “Gunaa” kiyala tamil film ekak thiyenawa kamal hasan inna.puluwannam eke sub eka denna..

    Reply
  • January 22, 2020 at 11:44
    Permalink

    Mage jeewithe balapu thathwikama wediyenma duka hithena kathawa… Nirmanayanam athi wishishtai.sub ekanam niyamai aiye. Suba pathanawa oyata. Thawath idiriyata me wage sub denna.

    Reply
  • February 16, 2020 at 11:24
    Permalink

    Sub download kranna oni thana click krma eka download wennatuwa strike back eke page 1kakra load wenwane…..

    Reply
  • February 26, 2020 at 20:06
    Permalink

    සබ Download කරන්ඩ බෑනේ

    Reply
  • April 2, 2020 at 07:39
    Permalink

    Download denne nane.. Pls help

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!