Ultimate Avengers (2006)| ඇවෙන්ජර් ව්‍යාපෘතියේ මූලාරම්භය…

ඇවෙන්ජර්ස් කිව්වාම නොදන්නෙ කවුද නේද දැං. ඔව් මේ වසරෙ තිරගතවෙලා විශාල සාර්ථකත්වයක් වගේම ඩොලර් බිලියන දෙක්කට වඩා උපයන්න සමත් වුන ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ චිත්‍රපටයත් එක්ක ගොඩක් අයගෙ අවධානය ඇවෙන්ජර්ස් දෙසට යොමු වුනා, ඒ වගේම එහි ඊලග දිග හැරුම ඇවෙන්ජර්ස් 4 එනකල් ඇගිලි ගැන ගැන ඉන්නවා. ඉතිං මේ කියන්න හදන්නෙ ඒ ගැන නෙවෙයි, මේ ලෑස්තිය Marvel Animated Features වල මුල්ම ඇනිමේෂන් මූවි එක උන 2006 දි තිරගත වුන Ultimate Avengers ගැන කියන්න. ඇත්තෙන්ම මේ වෙනුවෙන් බයිස්කෝප් අඩවියෙ මේ වෙනකොටත් ලිපියක් පලවෙලා තියෙනවා. හැබැයි ඒකට සිංහල උපසිරැසියක් තිබ්බෙ නැ. ඉතිං නිකන් නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවක කරන්න කියලා අරගත්ත එක ඔන්න ඉවර කරලා අරගෙන ආවා.

ආයෙ අමුතුවෙන් මං ඇවෙන්ජර්ස්ලා ගැන කියන්න ඕන නෑනෙ, මොකද දැං එයාලා ගැන නොදන්න කෙනෙක් නැති තරම්. හැබැයි මේ ඇනිමේෂන් එකේ යන කතාව අපි ලයිව් ඇක්ෂන් ෆිල්ම් වලින් දැක්ක කතාවට හාත්පසින්ම වෙනස් කතාවක්. ඒ වගේම ඇවෙන්ජර් ටීම් එක සුපුරුදු අයට වඩා ටිකක් වෙනස්. මොකද අපි දන්න ඇවෙන්ජර් ෆිල්ම් වල අයන් මෑන්, කැප්, බ්ලැක් විඩෝ, හල්ක්, හොව්ක් අයි, ඔය වගේ අයනෙ මුලින් හිටියෙ. හැබැයි Ultimate Avengers වල හොව්ක් අයි නම් දකින්න නැහෑ. ඒ වෙනුවට වාස්ප් සහා ඈන්ට් මෑන් තම්යි ඉන්නෙ. ඔයාලා ගොඩක් දෙනෙක් මේ වෙනකොට දන්නවනෙ ඈන්ට් මෑන් කියන්නෙ ස්කොට් ලන්ග් වගේමවාස්ප් කියන්නෙ හෝප් කියන දෙන්නා කියලා. ඒත් ඔයාලා අහලා ඇති මුල් කාලෙ ඈන්ට් මැන් විදිහටහිටියෙ හෑන්ක් පිම් බවත් වාස්ප් විදිහට හිටියෙ ජැනට් එහෙමත් නැත්නම් පිම්ගෙ නෝනා වබවත්. ඉතිං ජැනට් සහා හෑන්ක් තමයි අපිට Ultimate Avengers තුලින් වාස්ප් සහා ඈන්ට් මෑන් විදිහට දකින්න ලැබෙන්නෙ. ඒ වගේම අපි ලයිව් ඇක්ෂන් වලින් දැක්ක සමහර ඔරිජින් කතා මේකෙදි වෙනස් වෙනවා.

ගොඩක් අයනම් මේවා දැනටමත් බලලා ඇති, නොබලපු අයට පුළුවන් දැං සිංහල උපසිරැසි එක්කම බලන්න. ඒ වගේම Ultimate Avengers හි දෙවැනි කොටසකුත් තියනවා. බලන්න කලින් කියන්න එපැයි මේක 2D ඇනිමේෂන් එකක් හොදද. හැබැයි නියම සටනක් චිත්‍රපටය හුලින් දකින්න පුළුවන්. දැන් නම් මේ වගේ චිත්‍රපට මාවල්’ලා නිකුත් නොකරන එක ගැන සෑහෙන කණගාටුයි. එහෙනම් බලපු නොබලපු හැමෝටම බලන්න ආරාධනා කරන ගමන් මම නවතිනවා.

#Hail Marvel!

කලින් පළවූ ලිපිය.

ලොකු අය පොඩි අය ඔක්කොම ආසයිනෙ Marvel Comic වලට, Spider-man, Iron-man, Hulk ගැන වෙන වෙනම අදාල බයිස්කොප් බැලුව අය දන්නවා ඇති මේ වීරයො ඔක්කොම ඉන්නෙ ලෝකේ බේරගන්න කියලා. මම හැමදාම ඉතින් අරගෙන එන්නෙ ගොඩක් අයට මිස් වෙලා ඇති කියල හිතන imdb මීටරෙ අඩුවට රේට් වුන මැක්සා බයිස්කොප් නේ. මේකත් හැමදාම වගේම එහෙම එකක්. Captain America මගේ හොදම සුපිරි වීරයා වුනේ පොඩි කාලෙ ටීවි ගේම් එක ගහල. ගොඩක් අය Iron-man දන්නව වුනාට Captain America කියන්නෙ කවුද ඇහුවොත් දන්නෙ නෑනේ. ඒක නිසා Captain America වගේම තවත් ගොඩක් මාර්වෙල් වීරයෝ ඉන්න බයිස්කෝප් එකක් ඔයගොලන්ට දෙන්න හිතුවා.

Captain america (Steve Rogers), පවර්ස් අඩු වුනට ස්ට්ව් කියන්නෙ මාර්වල් එකේ පලවෙනි කැරට්ටුව, 1945 දි දෙවන ලෝකෙ යුද්ද කාලෙදි සුපර් සොල්ජර් කෙනෙක් විදියට හදන Captain america, ලෝකේ විනාස කරන්න ජර්මන්(නාසි) හමුදාව යවන රොකට් එකකට පැනල, උතුරු අත්ලන්ටික් සාගරේ අයිස් ග්ලැසියර වලට හිරවෙල ගොඩක් කල් ඉන්නවා. එත් 21 වන සතවර්ෂයේ ඇමරිකන් යුද්ධ හමුදාව මෙයාව සොයාගන්නවා. ඉතින් අයිස් වලට මිදිල හිටපු නිසා අබැද්දියකින් තොරව මෙයාට පණගන්න පුලුවන්කම ලැබෙනවා. ඒත් නැවත ලෝකෙ දකින ස්ට්ව්ට ලෝකේ ගොඩක් වෙනස් තැනක්. මොකද එයා ගොඩක් පරණ මිනිහෙක් නිසා..!!

21 වන සතවර්ෂයේදීත් ඒ වගේම ලෝකෙ විනාස කරන්න පිටසක්වල මිනිස්සු ගේමක් ගෙනියනවා. Captain America ප්‍රමුඛ අනිත් වීරයොවන Iron-man (Tony Stark), Hulk (Bruce Banner), Thor, Giant Man සෙට් එක එකතුවෙලා පිටසක්වල මිනිස්සුන්ගෙන් ලෝකය බේරගත්ත කතාවක් තමා මේ…

මේ බයිස්කෝප් එක 2D ඇනිමේෂන් එකක්, කොමික්ස් වලට කැමති අය අනිවා බලන්න ඕනෑ හොඳද. ආයෙත් ඉතින් මැක්සාම බයිස්කෝප් එකක්…!!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray | x264 | 720p | 2GB | 

Direct Download

| Bluray | x264 | 480p | 250MB |

    

| Bluray | x264 | 480p | 500MB |

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Ultimate Avengers (2006)| ඇවෙන්ජර් ව්‍යාපෘතියේ මූලාරම්භය…

  • April 7, 2019 at 07:47
    Permalink

    Dc ake wagema marvel aketh annimation set ake link tika dannako..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!