The Commuter (2018) | මඟියෙකුගේ ජීවිතයම උඩු යටිකුරු කළ දුම්රිය ගමනක්..!

“ඔයා මොන විදිහෙ පුද්ගලයෙක්ද?” එකපාරටම ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවම කලබල වෙන්න ඇති නේද? සමහරවිට ඔයා තවමත් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක් වෙන්න ඇති. සමහරවිට ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් එහෙමත් නැත්නම් කළමණාකරුවෙක් වෙන්න ඇති. සමහරවිට වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක නියැලෙන කෙනෙක් වෙන්න ඇති. ඒත් ඔයා මොන ආකාරයක රැකියාවක නියැලෙන කෙනෙක් වුණත්, මොන තරාතිරමක කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම ඔයා,මම පොදුවේ අපි හැම කෙනෙක්ම ජීවිතයේ එක වතාවක් හරි පොදු මගී ප්‍රවාහන සේවයක පිහිට පතපු අය. සමහරවිට ඔයා මේ ලිපිය කියවනව ඇත්තෙත් පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන රථයක ගමන් කරන අතරෙ වෙන්නත් පුළුවන්. ඉතින් අපේ රටේ නම් පොදු මගී ප්‍රවාහන සේවා කිව්වම නිතැතින්ම අපේ මතකයට නැගෙන ජනප්‍රියම මගී ප්‍රවාහන සේවාවන් දෙකක් තියනවනේ. ඒ තමයි බස් සේවාව හා දුම්රිය සේවාව. ඉතින් කලින් කියපු විදිහෙ පොදු මගී සේවාවන් එහෙමත් නැත්තම් තේරෙන වචනෙන් කිව්වොත් බස් එකක හරි කෝච්චියක හරි ගමන් කරද්දි ඔයාලට විවිධ වූ අත්දැකීම් ලැබිල ඇති, ලැබෙනවා ඇති. විවිධාකාරයේ පුද්ගලයින් මුණගැහෙන්න ඇති, මුණගැහෙනවා ඇති. ඉතින් මේ විදිහට දිනපතාම පාසලට, රැකියා ස්ථානයට හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා බස් එකක හෝ කෝච්චියක ගමන් කරද්දි දිනපතාම අපිට මුණගැහෙන මගීන් පිරිසක් අනිවාර්යයෙන්ම ඉන්නවා. මේ විදිහට කාලයක් යද්දි ඒ දෛනික මගීන් පිරිස අපේ හිතවත්ම මිතුරන් බවට පත්වෙනවා. සමහරවිට මිත්‍රත්වයට එහා ගිය සබදතාත් ඇතිවෙනවා.(අදහස් කරපු දේ තේරෙන්න ඇති කියල හිතනවා.) ඉතින් මේ විදිහට බස් එකක හරි කෝච්චියක හරි යද්දි අපිට මුණගැහෙන අයත් එක්ක කතාබහ කරද්දි, ඒ අයත් එක්ක ගණුදෙනු කරද්දි අපි ගොඩක්ම සතුටු වුණු වෙලාවනුත් තියනවා, ගොඩක් දුක් වුණු වෙලාවලුත් තියනවා ඒ වගෙම තමයි ඉතින් කේන්ති යන වෙලාවල් වගෙම බයට පත්වුණු අවස්ථාත් නැතුවම නෙවෙයි. අපේ ගමනේදී ඒ වගේ සාමාන්‍යය සිදුවීම් වලට මුහුණදෙන්න සිද්ද වුණත්, කවදාහරි බස් එකක හෝ කෝච්චියක යද්දි ඔයාට මුණගැහුණු කෙනෙක් නිසා ඔයාගෙ මුළු ජීවිතේම සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙලා තියෙනවද….

ඉතින් තමන්ගේ සේවා ස්ථානයේ ඉඳන් ආපහු ගෙදර යන්න මඟී දුම්රියකට ගොඩවුණු මඟියෙක්ගෙ මුළු ජීවිතේම ඒ දුම්රිය ගමන අතරතුරදි උඩු යටිකුරු වෙන විදිහ ගැන තමයි මේ කියන්න යන්නෙ, මයික්… එහෙමත් නැත්නම් මයිකල් මැකෝලි කියන්නෙ අයර්ලන්තයේ ඉඳන් ඇමෙරිකාවට සංක්‍රමණය වුණු පුද්ගලයෙක්. පොඩි කාලෙ ඉඳන්ම ජීවිත සටනින් හොඳටම බැටකාල හිටපු මයිකල් ඇමෙරිකාවට ඇවිත් ආපහු අලුත් ජීවිතයක් හදාගන්නවා. මයික්ට මේ හැමදේකටම නොමදව උදව් කරන්නෙ එයාගෙ ආදරණීය බිරිඳ කැරන්. මේ දෙන්නගේ දාඩිය මහන්සියත් එක්ක එයාලගේ පුතා ඩැනීත් එයාගෙ අධ්‍යාපනික වැඩකටයුතු කරගෙන යනවා. ඒත් ආපහු වතාවක් 2008 වසරේදී ආපහු වතාවක් අවාසනාව කියන දේ මයික්ව හොයාගෙන එනවා. මයික්ට එයාගෙ බිරිඳ කැරන්ට එයාලගේ හැමදෙයක්ම නැතිවෙලා යනවා, ජීවිතේ ආපහු වතාවක් කඩාවැටෙනවා. ඒත් වැටෙන්න වැටෙන්න තමයි නැඟිටින්න ඕනි කියල හිතන මයිකල් හිතට ධෛර්යය අරන් ආයෙමත් වතාවක් තුන්වෙනි පන්තියේ ජීවිතයක් ගොඩනඟා ගන්නවා. අවුරුදු හතක් පොලිස් නිළදාරියෙක් විදිහට සේවය කරපු මයික්, පොලිස් සේවයෙන් ඉවත්වෙලා වෙබර් සහ ෆින්ච් රක්ෂණ සමාගමේ රක්ෂණ නියෝජිතයෙක් විදිහට සේවයට එක්වෙනවා. මේ විදිහට අවුරුදු දහයක් ගෙවිල යනවා. දැන් නම් මයිකල් වගෙම කැරනුත් වයසට ගිහින්. මයිකල්ට වයස අවුරුදු 60ක්. ඒත් මයිකල් තරුණ කාලෙ වගේම ජවයකින් සහ ඕනෑකමකින් එයාගෙ රස්සාව කරගෙන යනවා. මේ අතරෙ ඩැනී එයාගෙ වැඩිදුර අධ්‍යාපනය සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළත්වෙන්න හදනවා. ඉතින් ඩැනීගෙ ජීවිතේ ගැන දහසක් බලාපොරොත්තු හිතේ පුරවන් ඉන්න මයික්ගේ ජීවිතේට තුන්වෙනි වතාවටත් කණකොකා අඬන්නෙ එයාවත් නොහිතපු වෙලාවක. හදිසියෙම වෙබර් සහ ෆින්ච් සමාගමෙන් මයිකල්ව අස්කරල දානවා. ඩැනීගේ වැඩ වලට මුදල් හදල් ඕනිම වෙලා තියෙන වෙලාවක මේ සිද්දවෙන දේ නිසා මයිකල් ජීවිතේ ගැන ගොඩක් කළකිරීමකට පත්වෙනවා.ඉතින් පරාජිතයෙක් වගේ වෙබර් සහ ෆින්ච් සමාගමෙන් එළියට බහින මයිකල් පස්වරු 6.25ට පිටත්වෙන උතුරු හඩ්සන් දුම්රියට ගොඩවෙන්නෙ තමන්ගේ ආදරණීය බිරිඳට, අලුත් විශ්වවිද්‍යාලයකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න පුතාට මොක්ද දැන් කියන්නේ කියන දෙගෙඩියාවත් එක්කයි. අවුරුදු දහයක්ම උතුරු හඩ්සන් දුම්රියෙයෙන් රැකියාවට ආව ගියපු මයිකල්ට දුම්රියේ ගොඩක් මිත්‍ර මඟීන් පිරිසක් ඉන්නවා. ඒත් එදා කවදාවත් නැතුව 68වැනි වීදියේ දුම්රිය මධ්‍යස්ථානයේ දුම්රිය නවත්තපු වෙලාවෙ ආගන්තුක කාන්තාවක් ඇවිත් මයිකල්ව මුණගැහෙනවා. ඒ කාන්තාව මයිකල් වාඩිවෙලා ඉන්න ආසනයට ඉදිරිපස ආසනෙන් වාඩිවෙලා මයිකල්ට අපූරු යෝජනාවක් ඉදිරිපත් කරනවා… ඉතින් මෙතනින් එහාට නම් මම කතාව ගැන කියන්න යන්නෙ නැහැ. බලන ඔයාලට ආරම්භයේ ඉඳන් අවසානය දක්වාම කුතුහලය උපරිමයෙන් තියන සිනමාපටයක් රසවිඳින්න ලැබෙන බව නම් සහතික කරලම කියන්න පුළුවන්. ( චිත්‍රපටය බලන්න කලින් පොඩ්ඩක් මංසල පැත්තට ගිහින් ට්‍රේලර් එක බලලම ඉන්නකෝ.)

සිනමාලෝලී ප්‍රේක්ෂකයින්ට නොඉවසිලිමත් වසරක් වුණු 2018 වසරේ ජනවාරි මස 12වැනිදා සිට ලොව වටා තිරගතවීම ඇරඹූ Action | Crime | Drama | Mystery | Thriller යන සිනමා වර්ගීකර්ණයන්ට අයත් The Commuter සිනමාපටයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ House of Wax (2005)Orphan (2009)Unknown (2011) හා The Shallows (2016) යන චිත්‍රපට වල අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ Jaume Collet-Serraයි. චිත්‍රපටයේ තිර පිටපත් නිර්මාණය සිදුකරන්නේ Byron Willinger,Philip de Blasi සහ Ryan Engle විසිනුයි. Unknown (2011),Non-Stop(2012)A Walk Among the Tombstones (2014) හා ලොව වටා සිනමාලෝලීන්ගේ සිත් තුළට කාවදින සිනමා රසවින්දනයක් ලබාදුන් Takenචිත්‍රපට ත්‍රිත්වයේ Bryan Millsගේ චරිතයට රංගනයෙන් දායකවූ අසම සම රංගන ශිල්පී Liam Neeson සමඟින් The Departed (2006)Up in the Air (2009) හාBates Motel රූපවාහිනී කතාමාලාවේ Norma Louise Bates ගේ චරිතයට රංගනයෙන් එක්වූ රංගන ශිල්පිනී Vera Farmiga මෙම සලරුවේ ප්‍රධාන චරිත ද්විත්වයට රංගනයෙන් දායක වන අතර සෙසු චරිත සඳහා Patrick Wilson, Jonathan Banks, Elizabeth McGovern හා Sam Neill තම රංගනයෙන් දායක වී තිබෙනවා. මිනිත්තු 105ක් පුරාවට ගලායන කුතුහලයෙන් පිරි කතා පුවතක් රැගත් මෙම සිනමා නිර්මාණයට IMDB දර්ශකයේ6.4/10 ඉහළ අගයක් ලැබී තිබෙනවා. බ්‍රිතාන්‍යයේ හා ඇමෙරිකාවේදී රූගත කිරීම් සිදුකර ඇති මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදුකර ඇත්තේ Ombra Films, Picture Company හා The StudioCanal යන සමාගම් වලින් වන අතර බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇත්තේ Lionsgate හා StudioCanal යන සමාගම් මඟිනුයි.

“තමුසෙ මගේ නෝනට හරි මගේ පුතාට හරි 
 අතක්වත් තියල තිබුණොත් එම, දෙවියන්පල්ලා මම…” 
– මයිකල් මැකෝලි

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 902MB | YTS

Direct Download

| Bluray | x264 | 720p | 902MB | YTS

      

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Commuter (2018) | මඟියෙකුගේ ජීවිතයම උඩු යටිකුරු කළ දුම්රිය ගමනක්..!

  • September 1, 2018 at 03:42
    Permalink

    බයිස්‌‌‌‌ක‌ෝප් සයිට් ‌‌‌දෙකේම ‌‌‌ක‌ොපිි ‌‌ප‌ේස්ට් රයිට් ක්ලික් කරන්න බෑ. දැං ‌‌‌‌‌‌මේ ‌‌‌ටොරන්ට් හැෂ් එකත් අපි බලං ටයිප් කරන්න ‌‌වෙනව ‌නේද? එපා ‌ව‌ෙනවා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!